News

Official News –  Kandy Esala perahera

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් නර්ථනයෙන්, වාදනයෙන් හා විවිධ පෙරහර රාජකාරීමට කටයුතු ඉටු කරනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ හා සිව්මහා දේවාලයන්හී කලා ශිල්පීන් ඇතුළු සියළුම සහභාගි වන්නන් සඳහා කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ මහනුවර ජාතික රෝහල හා ශ්‍රී දළදා මාලිගාව ඒකාබද්ධව සිදු කරන එන්නත් කරන වැඩපිළිවෙල යටතේය.අද‍(30) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවේ නව බහු කාර්ය්‍ය ගොඩනැඟිලි පරිශ්‍රයේදී පැවති මෙම එන්නත්කරන වැඩසටහන සඳහා සහභාගි කර වූ අය අතුරෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදීවාසි ජනයාද වීම විශේෂත්වයකී. සෑම වසරක පෙරහර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දා මී පැණියෙන් දළදා සමිඳු පුදන පෞරාණික චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ අපේ ආදිවාසි ජනයා අතින්ය.පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ මෙම එන්නත්කරන වැඩසටහන, කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් සිදු කරන ලදී. The most awaited cultural event of the nation, the Esala Perahera Festival is scheduled to be held in the month of August. As a precaution and preparation for it the vaccination program of all those who will be participating in Esala Perahera Festival was held today (30) at the New Multipurpose Building of Sri Dalada Maligawa. This was part of the vaccination program against Covid 19 initiated by Sri Dalada Maligawa and the Kandy General Hospital.It was interesting to see that “Uruwarige Vanniyalaetto” the head of the indigenous group of Sri Lanka also being part of them. It is a tradition that this indigenous group offers Bee’s honey to the Sacred Tooth Relic, on the day of first Randoli procession.The vaccination program for those who will be participating in perahera was in par with the national vaccination program against Covid 19. This was held under the full supervision of Pradeep Nilanga Dale, the Lay Custodian, and the guidance of the Health Ministry.video

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන Read More »

The Bee Honey Pooja by Indigenous people

දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව..අපේ ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීදි සරණ දා දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකී. මෙවරත් ඔවුන් එම චාරිත්‍රය අදට(30) යෙදී තිබෙන දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දා පෙරවරුවේ දළදා සමිඳුන් උදෙසා ඉටුකරන ලදී.| වීඩියෝව : t.ly/JW4eThe Bee Honey Pooja by Indigenous people (Wanniyalaetto) of Sri Lanka. It is an ancient custom to offer (Pooja) the best “honey” taken from the jungles to the Sacred Tooth Relic on the first day of Kandy Esala Perahera Randoli Procession parading the streets. It was done today(30) morning as per the ancient custom.

The Bee Honey Pooja by Indigenous people Read More »

තැපැල් දෙපාර්තමේන්තුවෙන් පෙරහරට ගරු බුහුමන්

කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව ‍සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විය.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් පෙරහරට ගරු බුහුමන් Read More »

ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(23) මෙසේ ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාග, ඩයලොග් සමාගම, අලියා සිසිල් බීම සමාගම, සී /ස. ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා සමාගම, නෙත් එෆ්.එම්, සිංගර් ශ්‍රී ලංකා සමාගම, මැලිබන් සමාගම, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලාෆ්ස් ගෑස් සමාගම, ෆොන්ටෙරා සමාගම, සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය හා ලිට්රෝ ගෑස් සමාගම මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය ලබා දෙන ලදී.Lot of meritorious sponsors from the government and private sector equally sponsored today 23rd, towards making the 2020 Kandy Esala Perahara Festival a successful event. This was done at a meeting held at the Sri Dalada Maligawa today. Sri Lanka Telecom PLC, Dialog, Elephant House, D Samson And Sons (Pvt) Ltd, National Lotteries Board, Development Lotteries Board, Nestle Lanka, Neth Fm, Singer Sri Lanka, Maliban Group, People’s Bank, Bank Of Ceylon, Sri Lanka Insurance Company, Laugfs Gas PLC, Fonterra, Sri Lanka Tourism Development Authority and Litro Gas Lanka are the meritorious sponsors of Kandy Esala Perahara this year

ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම Read More »

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාගය

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය.පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර වෙනුවෙන් මහනුවර නිසංසලා පෙරේරා මහත්මිය, පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් දෙවෙනි වතාවටත් කැළණියේ දිස්නා වනිගසේකර මහත්මිය හා නලීන් ලියනආරච්චි මහතාත්, දෙවෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ද, තුන්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් මහනුවර ආර්.එන්. රාජපක්ෂ මහතා, සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මියත්, අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 26 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් යන අය විසින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කරනු ලැබුවා.The meritorious task of donating beautiful and colorful costume for the ceremonial tusker and the group of tuskers were done today the 22nd at Sri Dalada Maligawa.Mrs Wasana Perera of Weliveriya donated the costume to be used on the first Kumbal Perahera and this was her second donation. Mrs Nisansala Perera of Kandy donated the costume to be used for the 5th Kumbal Perahera, also for the second time by Mrs Disna Wanigasekera & Mr Nalin Liyanaarachchi of Kelaniya donated the costumes to be used for the 1st Randoli Perahera, By Ven Yatiyantota Chandakitthi thero for the 2nd Randoli Perahera and by Mr R.N Rajapakse of Kandy for the 3rd Randoli Perahera, by Mrs Sagarika Thirimanne of Panadura for the 4th Randoli Perahera and for the 26th consecutive time by Mr Thusitha Wijesena MD of Kandy City Center for the Grand Randoli Perahera.

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාගය Read More »

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(21) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති. The Kap Chanting (Kap Kapeema) was done yesterday before sunrise marking the start of Kandy Esala Perahera 2020.The Kapa which was brought to the Sathara Maha Dewalaya(four dewala) was planted today (21) at the auspicious time given. As the first custom ends the procession inside the Natha, Vishnu, Katharagama and Paththini Dewala will start from today.

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි. Read More »

අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවයි!

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන එන කප පුද පූජා පවත්වා දර්ශනීය පෙරහැරකින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත අනතුරුව වැඩමකරවන අතර, එය අද සවස සුබ මොහොතින් කපා, සිව්මහා දේවාල වෙත ලබාදීමට නියමිතයි. අනතුරුව හෙට(21) දින කප් සිටුවා, දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ කිරීමේ චාරිත්‍ර සිදු කෙරේ.The Kap Chanting (Kap Kapeema) was done in Sabaragamuwa before sunrise today(20) to mark the start of Kandy Esala Perahera 2020…As per the custom the Kap Chanting was done today at the auspicious time of 4.08 am by Mr Mahendra Ratwatte the Basnayake Nilame of Sri Maha Vishnu Dewalaya, Kandy. This custom has been happening for the last 300 years.The Kapa is brought to the Aluthnuwara Dadimunda Dewalaya on the ceremonial Tusker to the sound of drums and music and after the rituals it is brought to the Vishnu Dewalaya on a beautiful procession. This will be cut and given to the Sathara Maha Dewala today in the evening and tomorrow the Kap Planting ceremony followed by the Dewala Procession.

අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවයි! Read More »

meeting on how the Kandy Esala Perahera

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලය පැවැත්වීම හා එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම අද(17) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේ දී ලබන 25 වෙනි දා සිට අගෝසතු මස 04වෙනි දා දක්වා වීදි සංචාරය කරන ඇසළ මහා පෙරහරේ සූදානම, එහි ආරක්ෂක වැඩ පිළිවෙල, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළු පෙරහර මංගල්ලයට පසුබිම්වන සියළු කරුණු පිළිබඳ රාජ්‍ය අංශ, මාධ්‍ය ඇතුළු සියළු අංශ දැනුවත් කරන ලදී.The last meeting on how the Kandy Esala Perahera Festival will take place was held today the 17th July at Sri Dalada Maligawa. The government and the media was informed on the precaution measures taken by Hon. Diyawadana Nilame Nilanga Dala and the Basnayake Nilames of the 4 Dewala. The government, media and other parties present were informed about the security measures, health & safety measures and all other procedures in place during the Perahera from the 25th July till 04th August.

meeting on how the Kandy Esala Perahera Read More »

Scroll to Top