
මහනුවර ඇසළ පෙරහරේ ඔබ දුටු සුන්දරම දසුන සිතුවම් කරල අපිට එවන්න. හොඳම සිතුවමට අපි තෑගිත් දෙනවා. සහභාගීත්ව ඇගයීම් සහතිකයක් හැමෝටම.
මේ අවස්ථාව පොඩ්ඩන්ටයි වැඩිහිටියන්ටයි.
තරඟ කාණ්ඩ –
- වයස අ.වු 06 – 08
- වයස අ.වු 09 – 11
- වයස අ.වු 12 – 15
- වයස අ.වු 16 – 18
- විවෘත අංශය ( වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට අයදුම් කල හැකියි.)
- ඩිජිටල් අංශය (වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට අයදුම් කල හැකියි) මෙහි දී මෘදෘකාංග මඟින් කළ සිතුවම් එවීමට හැකි අතර, ඒ සඳහා පරිඝණක, ටැබ් උපකරණ මඟින් කළ සිතුවම් තරඟයට ඇතුලත් වේ. AI හෝ වෙනත් මාර්ගගත මෙවලම් තුලින් ජනනය කරන සිතුවම් ස්වයංක්‍රීවය ප්‍රතික්ෂේප වේ.
ලියාපදිංචිය –
සිතුවම් ශ්‍රී දළදා මාලිගාවට එවීමට ප්‍රථම පහතින් ඇති බොත්තම එබීමෙන් ලැබෙන ෆෝරමය නිවැරදිව සම්පූර්ණ කළ යුතු අතර, එය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට කෙටි පණිවිඩයක් (SMS) මගින් හෝ විද්‍යුත් තෑපෑලට (E-mail) ලැබෙන “ලියාපදිංචි කේතය” (The Registration Number) සිතුවමේ පිටුපස ඉහළින් පැහැදිලිව සඳහන් කර, පැමිණ හෝ තැපැල් මඟින් එවිය යුතුයි. ලියාපදිංචි කේතය නිවැරදිව සඳහන් කර නොමැති සිතුවම් තරඟයට හා ප්‍රදර්ශණයට ඉදිරිපත් නොකෙරේ.
ලියාපදිංචි වන්නත්යාග හා සහතිකපත් –
සියළු වයස් කාණ්ඩ වලින් පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා.
තරග නීති රීති හා කොන්දේසි –
ප්‍රමාණ :
- “A3” ප්‍රමාණයේ කැන්වස් හෝ Drawing Paper භාවිත කල හැකි අතර වෙනත් ප්‍රමාණයන් වලින් ලැබෙන සිතුවම් තරගයට හෝ ප්‍රදර්ශණයට ඉදිරිපත් කරනු නොලැබේ. ඩිජිටල් සිතුවම් (Digital Paints) සඳහා අවමය 500x500px 300dpi සිට කැමති ප්‍රමාණ තෝරාගත හැකියි.
- ලියාපදිංචි කේතය නිවැරදිව සඳහන් කර නොමැති සිතුවම් තරඟයට හා ප්‍රදර්ශණයට ඉදිරිපත් නොකෙරේ.
වර්ණ භාවිතය :
- සිතුවම් වර්ණ ගැන්වීම සදහා කැමති වර්ණ මාධ්‍යක් භාවිත කළ හැකියි.
නිර්දේශ කිරීම :
- පාසැල් වයසේ දරු දැරියන්ගේ සිතුවම් සියල්ල ඔවුන්ගේ පාසැලේ විදුහල්පතිතුමා, සහකාර විදුහල්පති හෝ අංශ භාර ගුරු මහතා විසින් සහතික කල යුතුයි. (පාසැල් මුද්‍රාව තිබිය යුතුයි.)
- විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
සිතුවම් භාර ගැනීම –
සියලුම සිතුවම් 2025 ජූලි මස 20 වන දින දක්වා භාර ගනු ලබන අතර එම දිනට පසුව පැමිණෙන සිතුවම් තරගය වෙත ඉදිරිපත් කරනු නොලැබේ.
සිතුවම් එවිය යුතු ලිපිනය
මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය,
ශ්‍රී දළදා මාලිගාව – මහනුවර.
වැඩිදුර විස්තර සඳහා අමතන්න:
070 4 324 024 (දනංජය)
බැති සිත් දායකත්වය

