Latest News

"Perahera Sandeshaya" was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival.

2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Perahera Sandeshaya

2023 Archives

Perahera Sandeshaya

“Perahera Sandeshaya” was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Read More »
Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසර මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 1.16ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 3.04ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1713 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී.

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 2.39a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2023.2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (30) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරනු ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 2.39ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Read More »
The-Grand-Randoli-Procession-of-the-Kandy-Esala-Perahera-202303

The Grand Randoli Procession of the Kandy Esala Perahera 2023

Kataragama Wasana carried the Relic Casket under a golden canopy, walking on cloth carpets in keeping the royal customs of a great standard on the grand Randoli Procession of the Kandy Esala Perahara Festival in Senkadagala on the 2567th Buddhist year keeping Sinharaja & Kandula for protection. Accompanied by the sounds of the fivefold orchestra, brilliant upcountry dance forms and the officials by royal decree parading the streets on this grand night to bring the glory of the great cultural worship to the eyes of the world. චිරාත්කාලයක මහා සම්මත රාජකීය සිරිත් සුරකිමින් ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2567 වැන්නේ සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර දා සධාතුක පෙරහර කරඬු වහන්සේ දරමින් පින්සාරවත් මඟුල් ඇතු කදිරපුර වාසනා, රන් වියන් යටින් – ධවල පාවාඩ මතින් දෙපස රැකවල්ලන සිංහරාජා හා කණ්ඩුල මහ ඇතුන් පිරිවරකොට, උඩරට ප්‍රභාමත් නර්තන ලීලයෙන් ද, පංච තුර්ය නාදන් ද රාජ සම්මත නිලකරුවන් ද පරිවාර කොට, සැට කලාවක නිකිණි හඳ පෑයූ මහානීය රාත්‍රියේ උත්තම පෙරහර කරඬු වහන්සේ වැඩමවමින්, හෙළයේ මහා සංස්කෘතික පුජෝපහාරයේ අභිමන සකල ලෝක වාසින්ගේ නේත්‍රාභිවන්දනයට පාත්‍ර කළ වගයි.

Read More »
Esala-Pehaherai-Sithuwam-Pelaherai-2023-02

“Esala Pehaherai Sithuwam Pelaherai” 2023

The art competition and the exhibition organized by the Media Bureau of Sri Dalada Maligawa under the theme “Esala Pehaherai Sithuwam Pelaherai 2023” where competitors were invited to submit a eye-catching moment from the procession concluded today. The most beautiful 300 drawings selected out of nearly 5,000 submissions we received were on display at the great audience hall (Magul Maduwa) for the last 3 days.15 selected winners as 1st, 2nd and 3rd under 5 categories were presented with prizes and certificates at the concluding ceremony held at the Golden Utensils Pavilion today (29). All those who participated will be issued a certificate of participation. Sri Dalada Maligawa appreciates all those who participated by sending your drawings of this most valued cultural heritage. මහනුවර ඇසළ පෙරහරේ දුටු ලස්සනම දර්ශනය සිතුවම් කර අපට එවූ දහස් ගණනක් සිත්තරුවන්ගේ සිතුවම් දැක්ම හා තරඟය, ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2023 අදින් අවසන් විය. පන්දහසකට ආසන්න සිතුවම් අතරින් තොරාගත් හොඳම සිතුවම් තුන්සියය පුරා දින 3ක් මහනුවර මඟුල් මඩුවේ දී දෙස් විදෙස් කරඹන්නන් සඳහා ප්‍රදර්ශණය කළ අතර, කාණ්ඩ 5ක් යටතේ තෝරාගත් පළමු, දෙවන හා තෙවන ස්ථාන 15ක් සඳහා ත්‍යාග හා සහතික පත් ශ්‍රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපයේ අද(29) පැවති සමාප්ති උත්සවයේ දී පිරිනමන ලදී. සිතුවම් එවු අනෙකුත් සියළුම දෙනා සඳහා සහභාගීත්ව සහතික ලබාදෙන අතර, ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2023 ප්‍රදර්ශණය හා තරඟය වෙනුවෙන් සිතුවම්කරණයෙන් එක්වෙමින්, ලොව නොදෙවෙනි අපේ රටේ සංස්කෘතික උරුමය හා ප්‍රෞඩත්වය සිතුවමින් විදාහා දැක්වීමට කටයුතු කළ සැමට ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවනීය ප්‍රණාමය.

Read More »
The-Third-Randoli-procession-of-the-Kandy-Esala-Perahera-2023-04

The Third Randoli Procession of the Kandy Esala Perahera 2023

The devout moment of Kandula the ceremonial tusker carrying the Sacred Relic casket with Miyanraja & Singharaja in the tusker group on the 3rd Randoli procession of the Kandy Esala Perahera Festival 2023 amidst the devoted cultural offering of Upcountry dancing, singing & music. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, ගායන හා වාදන ශිල්පීන්ගේ භක්තිමත් සංස්කෘතික පෙළහර මධ්‍යයේ කණ්ඩුල හස්ථිරාජයා මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවන විට මියන්රාජා හා සිංහරාජා ඇත් දෙපළ දෑලේ ගමන් කරන ලදී.

Read More »

2022 Archives

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »

The official IT partner of Temple of The Sacred Tooth Relic(SLTMobitel)

As the official IT partner of the Temple of the Sacred Tooth Relic, Sri Lanka Telecom Mobitel (SLTMobitel) makes an annual contribution. Accordingly, the offering of devotional contributions for the year 2022-2023 took place today (August 17) in the morning at the Temple of the Sacred Tooth Relic. Sri Lanka Telecom Mobitel Company has combined modern technology for many services such as telephone communication facilities, internet facilities, WiFi facilities for local and foreign devotees, modern guidance for foreign tourists and mobile application of the temple etc.Sri Lanka Telecom Mobitel Company fulfills its mission with modern technology for many services. The Sri Lanka Telecom Mobitel Company is also providing the necessary communication facilities for the events organized by the Temple of the Sacred Tooth Relic, including the Kandy Esala Perahera Festival that draws the eyes of the world to the citadel of Kandy. Sri Lanka Telecom Mobitel Chief Financial Officer Sudarshan Giganage, Mobitel Regional Head Romesh John, Central Province Sales General Manager Anuruddha Ratnayake, Kandy District Manager Chaminda Bandara, Kandy Branch Manager Aruni Dunuwila were present on this occasion.

Read More »
Day-perahera

Divinely Colourful & Wondrous 1712th Kandy Esala Perahera 2022 Festival Comes to an End

Divinely colorful & wondrous 1712th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings, after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” “Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2022 was handed over to his excellency the president Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1712 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා දින 11ක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එහි සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී. 2022 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ බව ගරු ජනාධිපති තුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව මෙසේ සනිටුහන් විය.

Read More »
diya-kapeema

Water Cutting Ceremony 2022

The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (11) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the 04 guardian deity. Then at the auspicious time of 12.58a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. 2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(11) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව රාත්‍රී 12.58ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Read More »
Grand-Randoli-Perahera---Kandy-Esala-Perahera-2022

Grand Randoli Perahera – Kandy Esala Perahera 2022

Indiraja the fortunate Ceremonial tusker carrying the Relic Casket under the golden canopy walking on white cloth carpets, with Miyanraja & Burumaraja in the tusker group amidst upcountry dance, music, singing acts & the worship of thousands who gathered in the streets, showcasing the grandeur of the cultural rituals of thousands of years, on the 1712th Kandy Esala Perahera Festival. චිරාත්කාලයක මහා සම්මතයක පුද සිරිත් සුරකිමින්, 1712 වන වරට වීථිසර කන්ද උඩරට සෙන්කඩගල ඇසල පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර දා ධවල පාවඩ මතින් උඩුවියන් යටින්, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවන්නට සසර පින් පිරූ ඉන්දිරාජා මගුල් ඇත් රජුට දෑලේ පිරිවර ගමන් ගිය බුරුමරාජා හා මියන්රාජා ද කැටුව, නේකවිධ උඩරට නැටුම්, ගැයුම් හා වාදන ඉදිරියේ ද දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ සාධුකාර මධ්‍යයේ ද සෙන්කඩගල මහනුවර වීදී වන්දනීය අසිරි සිරියෙන් පුරවා හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ ගෞරවනීයත්වය ලොවට පෙන්වීය

Read More »
Fourth-Randoli-Perahera---Kandy-Esala-Perahera-2022

Fourth Randoli Perahera – Kandy Esala Perahera 2022

Fourth Randoli procession, Indiraja carrying the Relic Casket walking majestically on white cloth carpets under a beautiful canopy intricately designed with gold thread accompanied by Miyanraja & Burumaraja on either side in the tusker group රන් හුයෙන් ගෙත්තම් කල උඩු වියන් දරමින් ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින්ඉන්දිරාජා මගුල් ඇතු පිරිවරූ බුරුමරාජා සහ මියන්රාජා ඇත්රජුන් සමගින් සිව්වන රන්දෝලි පෙරහර මහනුවර වීදි සංචාරය කළේය

Read More »

2021 Archives

“Valiyak Festival” 2021

As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the “Valiyak Festival” also known as the dance of “Valiyak” , it is a “Shanthikarma” (a traditional ancient ritual) known as ” Hadda Valiyakuma”. Performed by a group of people who did not take part in the Procession, to bless all those who took part and to get rid of all evil. This ritual is done for seven days at a strech evening till dawn. Accordingly the ritual was performed in Sri Maha Vishnu Devalaya from the last day of the festival (23) till today (30). ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරමින් ගෞරවාදර අභිමානයට පත් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය නිමාවත් සමග මීළඟට හඬ ඇසෙන්නේ මහනුවර ශ්‍රි මහා විශ්ණු දේවාලයෙනි. ඒ “වලියක් මංගල්‍යය” හෙවත් වලියක් නැටුම, හද්දා වලි­ය­කුම නමින් පවත්වනු ලබන ශාන්ති කර්මයෙනී. පෙරහරට කිසිදු සහභාගිත්වයක් නැති ශිල්පීන් විසින් පෙරහරට සහභාගි වූ ශිල්පීන් ඇතුළු සියලුම දෙනාගේ වස් දොස් දුරු කරනු පිණිස සත් දිනක් පුරාවට අලුයම පහන් වන තුරු පවත්වනු ලබන මේ ශාන්තිකර්මය පෙරහර අවසාන දින සවස් යාමයේ සිට පුරා සත් දිනක් පැවැත්වේ. ඒ අනුව මෙවර 2021 ඇසළ පෙරහර අවසානය සනිටුහන් වූ පසුගිය 23 වෙනි දා සිට අද(30) දක්වා මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය තුල පවත්වන ලදී. වලියක් ශාන්ති කර්මය පැවත එන්නේ රජ දවස සන්නස් මගින් උරුමය ලද එක් පරම්පරාවක් මගිනි. මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව වලියක් මංගල්‍යය සඳහා හිමිකම උසුලයි. සිරිදරා, පුංචිකිරා, සිල්පා, වැනි පරම්පරා නියෝජනය කරමින් පැවති මෙම පරම්පරාවේ වර්තමානයේ නියෝජනය කරනුයේ අටවෙනි පරම්පරාවේ වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය. ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඉදිරියේ පෑ නර්තන හා වාදන දස්කම් විස්කම් දැක රජු විසින් “වාසිංහ” නාමය ලබා දී ඇති බවටත් සන්නසක් හා පඨා බෙරයක්ද සමග වලියක් මංගල්‍යයේ හිමිකම ද ලබා දී ඇති බවටත් වර්තමාන පරපුර අත සාක්ෂි තිබේ. පෙරහරට දායකත්වය ලබා දෙන රාජත්වය, දියවඩන නිලමේ තුමා, සතරමහා දේවාල බස්නායක නිලමේවරු, නිලධාරීන්, ශිල්පීන්, අලි ඇතුන්, පෙරහර නරඹන්නන් ඇතුලු මොනයම් ආකාරයෙන් හෝ පෙරහරට දායකත්වය ලබා දුන් සියලු දෙනාගේ වස් දොස් දුරු කිරීම සඳහාත්, එළඹෙන වසරේ පෙරහරට ආශිර්වාද ප්‍රාර්ථනය ඇතිවත් වලියක් නැටුම පුරාණයේ පටන් අද දක්වාම පවත්වනු ලබයි. View Facebook post

Read More »

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1711 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා එකළොස් දිනක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලයේ සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී.2021 සිරි දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව අතිගරු ජනාධිපති තුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුවහන් විය.   View Facebook post

Read More »

“Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple

Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy yesterday (22) on Nikini Full Moon Poya day, paying homage to the Sacred Tooth Relic & the four Diety. After finishing the Grand Randoli yesterday, at the auspicious hour of 11.23 the “Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple as per the ancient rituals and kept there. Later the four Devala processions went to Getambe.”Diya kepeema” or the ritual of water cutting took place in river Mahaweli at Getambe. 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(22) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා දක්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීදි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, ඉන් අනතුරුව රාත්‍රී 11.23ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. View Facebook post

Read More »

Grand Randoli Procession 2021

Magnificence added by heavenly dance offerings passed down by generations, dazzling lights by copra torches, Ceremonial Tusker Nadungamuwe Vijaya Raja, the one who stole the heart of a nation, carried the Relic cascket accompanied by Indiraja & Kataragama Wasana on the Grand Randoli Procession of the 1711th Kandy Esala Perahera Festival showcasing the splendour of the pageant to the world. පන්දම් එළියෙන් හැඩකල, නෘත්‍ය පුජා දිදුලන, කන්ද උඩරට ඇසල පෙරහර මංගල්ලයේ 1711 වන මහා රන්දෝලි පෙරහරේ, ඉන්දිරාජා, කතරගම වාසනා ඇත් රජුන් දෑලේ පිරිවරා, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්වන්ත මඟුලැතු නැදුන්ගමුවේ විජය රාජා තේජවන්ත ලීලාවෙන් සෙංකඩගල පුර මහනුවර වීදිසරා අවසන් මහා රන්දෝලියේ සිරි අසිරිය ලොවටම පෙන් වූ වගයි View Facebook post

Read More »

Fourth Randoili Perahera

Caparisoned Royal tusker, Indi raja majestically steps on white cloth carpets with the golden threaded canopy over the Relic Cascket along with Kandula & Miyanraja walking on either side on the fourth Randoli Procession dazzling the city amidst the cultural Dalada offerings. රන්හූයෙන් හැඩකල උඩුවියන් දරමින් – ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඩුව වැඩමවන ඉන්දිරාජා මගුල් ඇතු පිරිවැරූ කණ්ඩුල සහ මියන් රාජා සමඟ තේජවන්ත රජ ගමනින් ද, බැති බර සංස්කෘතිකාංග ඉදිරියේ ද සිරි දළදා පූජෝපහාරයේ සිව්වෙනි රන්දෝලි පෙරහර දා සෙන්කඩගල පුරවරය බැබළ වීය.

Read More »

Third Randoli Perahera

Amidst the most revered cultural offering of the dancers, musicians & vercifiers on the third Randoli Procession, Wasana carried the “Perahera” cascket accompanied by Miyanraja. & Kandula කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, ගායන හා වාදන ශිල්පීන්ගේ භක්තිමත් සංස්කෘතික පූජෝපහාර මධ්‍යයේ වාසනා මඟුලැතු මතින් සධාතුක කරඬු වහන්සේ වැඩමවන විට මියන්රාජා හා කණඩුල දෑලේ ගමන් කරන ලදී.

Read More »
Scroll to Top