News 2024

Official News – Kandy Esala perahera 2024

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2024 අගෝස්තු 20 දින දහවල් 2.11 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 5.27 ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1714 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය එලෙස තබන ලදී. 2024 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය. Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada”“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2024 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival.

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම. Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරන ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 12.24ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ මහවැලි ග‍‍ඟ නිම්නය හා ඒ අවට ප්‍රදේශවල රැස්ව සිටියා.Early Morning Procession and Water cutting ceremony of 2024The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2024 returned to the temple after parading the streets on 19th August 2024 on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 12.24 a.m, the Relic Casket was reverentially carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Mahavaly river side at Gatambe to witness this event.

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024 Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල් කළ මියන්රාජා හා කෝට්ටේරාජා සහපිරිවර පෙරටු කොටගත් උඩරට ප්‍රභාමත් නර්තනාංග ද, පංච තූර්ය නාදයන් ද, අත්වට කොප්පර පන්දම් එළි ද අතරේ රාජ සම්මත නිලකරුවන් පරිවාරකර ගනිමින්, නිකිණි පුරසඳ දිලුන භක්තිවන්ත මහානීය රාත්‍රියේ ධවල පාවාඩ මතින්, රන් වියන් සෙවණින් සිරි දළදා කරඬුව වැඩමවමින් හෙළයේ මහා සංස්කෘතික පුජෝපහාරයක අබිමන් ලෝවැසි සත්වගට දක්වා, නෙත්සිත් පැහැදූ වගයි. In the grand tapestry of the Kandy Esala Perahera Festival of 2024, a majestic scene unfurls. The ceremonial tusker, Indiraja, adorned in regal splendour, bears the revered Relic Casket beneath a shimmering gold canopy under the Nikini full moon. With each deliberate step, he treads upon the white cloth carpets, as if conscious of the sacred burden he carries. By his side, tuskers Kotteraja and Myanraja stride in harmonious grace, completing this Grand Randoli Procession.Around them, the air is alive with the vibrant rhythms of Sri Lankan five-fold music, a symphony that echoes the heartbeat of the island’s soul. The brilliance of Kandyan dancers, resplendent in their traditional attire, moves in time with the ancient rhythms, their movements a living testament to the rich cultural heritage they embody. The night is lit by the flickering glow of copra torches, casting a golden hue upon the scene, while officials, appointed by royal decree, stand as guardians of this hallowed tradition.Together, they create a tableau of splendour, a celebration of faith and culture, offering blessings to the hearts and souls of all who behold it, showcasing to the world the timeless beauty and deep spiritual essence of Sri Lanka.

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය. Read More »

සිව්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය.

ධවල පාවාඩ මත පිය තබා යන තෙදැති මඟුලැතු කදිරපුර වාසනා, මියන්රාජා සමඟින් සිංහරාජා දෑලේ පිරිවරකොට කන්ද රට සිරි වඞ්ඪන පුර සිරි දළදා පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ සිව්වෙනි රන්දෝලි පෙරහරේ පුණ්‍යවන්ත රාත්‍රිය. In the hallowed splendour of the 4th Randoli Procession of the Kandy Esala Perahera Festival 2024, the revered ceremonial tusker Wasana of Kataragama strides with regal grace upon a pristine white cloth carpet. Bearing the Sacred Relic Casket aloft, Wasana is flanked by the tuskers Myanraja and Singharaja, their majestic presence adding to this divine spectacle.

සිව්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය. Read More »

තුන්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය.

සතර අත රැව්දෙන උඩරට සම්ප්‍රදායේ මනෝහර වැයුම් රැඟුම් මධ්‍යයයේ ඓතිහාසික පෙරහර මංගල්ලයක අටවෙනි දිනය ද පෙර සිරිත් නොසිඳ නොබිඳ ඉන්දිරාජා මංගල හස්ථිරාජයාණෝ පිට සධාතුක පෙරහර කරඬු වහන්සේ වඩා හිඳුවමින්, මියන්රාජා හා කෝට්ටේරාජා මහ ඇතුන් පරිවාරකොට තුන්වෙනි රන්දෝලි පෙරහර නුවර වීදි සැරූ පුවතේ සිහිවටනය. On the 8th day of the historic Kandy Esala Perahera Festival, the city is alive with tradition and reverence. Indiraja, the noble tusker, majestically carries the Sacred Relic Casket, a symbol of profound spiritual significance, flanked by Myanraja and Kotteraja.As they proceed through the time-honoured route, they leave behind the cherished memories of the 3rd Randoli Procession, a vivid display of cultural pride and continuity. The air is filled with the vibrant sounds of rhythmic beat of drums & the graceful movements of Kandyan dance forms.

තුන්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය. Read More »

දෙවෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය.

උතුම් දළදාවටත්, සිව් මහා දෙවිවරුන්ටත් බැතිසිත් පුජා කරනුව පින්සරු ඇත් රජු කදිරපුර වාසනා දැලේ රැකවල් දෙන සිංහරාජ හා මියන්රාජා පින්සිපිවරුන් නර්තන වාදන පිරිවරා සධාතුක පෙරහර කරඬුව වැඩම කරවූ දෙවෙනි රන්දෝලි පෙරහර දසුනේ අසිරියයි. In the heart of Kandy, a wondrous sight unfolds—a vision steeped in reverence and ancient grandeur. Kataragama Wasana strides with regal poise, bearing the Relic Casket, a vessel of sacred trust, while Sinharaja and Myanraja stand tall in the tusker group. The air is alive with the symphony of devotion that intertwines with the graceful movements of dancers, their steps a prayer in motion. All this unfolds in homage to the Sacred Tooth Relic and to the four great protecting deities who watch over the land.

දෙවෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය. Read More »

පළමු රන්දෝලි පෙරහර මංගල්‍යය.

කඳුරට නුබ ගැබ නැහැවී නිකිණි සඳ එළියෙන්, හේවිසි හොරණෑ රාව දෙන විට සැම අතින් නළු කැල පෙරටුව‍, ඉන්දිරාජා මඟුල් ඇතු පෙරහර කරඬුව වැඩම කරවූ පළමු රන්දෝලිය වීථි සැරූ වගයි. As the Nikini moonlight bathed the procession in its silver hue, the first Randoli Procession graced the streets with a splendour that seemed almost celestial. Indiraja, bearing the revered Relic Casket, moved with a grace that echoed the sacredness of the moment. The rhythmic pulse of drums reverberated through the air, mingling with the sweet, lilting melodies of the local flute.Photographs by: Media Bureau of Sri Dalada Maligawa.

පළමු රන්දෝලි පෙරහර මංගල්‍යය. Read More »

ශ්‍රී දළදා මාලිගාවට මී පැණි පූජා කිරීම.

නොසිඳ සිරිත් ආදි වැසියෝ මී පැණි රැගෙන එත්.ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්‍රයක් ලෙස මී පැණි පූජාව සිදුකරති. 2024 අගෝස්තු 15 පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය මෙලෙස ඉටුකරන ලදී.The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession. It was done today 15th August 2024 morning as per the ancient custom by Uruwarige Wannile Aththo, the chief of the community.

ශ්‍රී දළදා මාලිගාවට මී පැණි පූජා කිරීම. Read More »

සිව්වෙනි කුඹල් පෙරහර මංගල්‍යය.

නාථ විෂ්ණු කදිර පත්තිනි දෙව් ඇසේ රැකවල්ය. දෑලේ පිරිවරා ඉන්දිරාජා මංගල හස්ති රාජයාණෝ සධාතුක පෙරහර කරඬුව ශ්‍රද්ධාවෙන් වැඩම කරවූ සිව්වැනි කුඹල් පෙරහරක අසිරියයි මේ.The marvel of the fourth Kumbal procession unfolded like a sacred tapestry, where Indiraja, with unwavering faith, bore the Relic Casket, a vessel of divine grace. Beneath the celestial gaze of the gods Natha, Vishnu, Kataragama, and Paththini

සිව්වෙනි කුඹල් පෙරහර මංගල්‍යය. Read More »

තුන්වෙනි කුඹල් පෙරහර මංගල්‍යය.

ධජ පතාක ලෙළෙන සීලවන්ත පවන් සිහිලේ ගජ බල මුළුවේ යුවරජ සිංහරාජා මංගල හස්තියාණෝ හා කෝට්ටේරාජා, බුරුමරාජා දෑලේ ඇත් පරිවාර කොට, සධාතුක පෙරහර කරඬු වහන්සේ වඩමවා තෙවැනි කුඹල් පෙරහර මෙසේ වී යැයි රූ සටහන් තැබූ වගයි.In the hallowed breeze, where flags fluttered like whispered prayers, Singharaja bore the sacred Relic Casket with reverence, flanked by Kotteraja and Burumaraja. These regal tuskers, guardians of ancient tradition, marched with solemn grace on the third Kumbal procession, they etched their mighty footprints upon the earth, a testament to their divine purpose and unwavering devotion.

තුන්වෙනි කුඹල් පෙරහර මංගල්‍යය. Read More »

Scroll to Top