මනහර දස දිනක් කන්ද උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර කර එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය.

නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 2.16 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා සවස 4.42 ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී.

ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණ පරිච්ඡේදයක් සටහන් කරමින් 1715 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවිවරුන්ටත් අසිරිමත් සංස්කෘතික පූජෝපහාර පුදකොට, කලට වැසි ලැබ, රටට සෞභාග්‍යය උදා වී, සියළු ලෝ වැසියනට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී.

2025 ඇසළ පෙරහර මහා මංගල්ලය අති සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය මඟින් පිළිගන්වා දන්වා සිටීමෙන් පසු පෙරහර මංගල්ලයේ නිමාව නිල වශයෙන් සනිටුහන් විය.

Divinely colorful & wondrous 1715th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour of 4:42 pm and entered through the main “Maha Wahalkada”

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2025 was handed over to His Excellency the President Hon. Anura Kumara Disanayaka by Hon. Diyawadana Nilame marking the conclusion of the festival.

Scroll to Top