meeting on how the Kandy Esala Perahera

perahara meeting

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලය පැවැත්වීම හා එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම අද(17) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේ දී ලබන 25 වෙනි දා සිට අගෝසතු මස 04වෙනි දා දක්වා වීදි සංචාරය කරන ඇසළ මහා පෙරහරේ සූදානම, එහි ආරක්ෂක වැඩ පිළිවෙල, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළු පෙරහර මංගල්ලයට පසුබිම්වන සියළු කරුණු පිළිබඳ රාජ්‍ය අංශ, මාධ්‍ය ඇතුළු සියළු අංශ දැනුවත් කරන ලදී.The last meeting on how the Kandy Esala Perahera Festival will take place was held today the 17th July at Sri Dalada Maligawa. The government and the media was informed on the precaution measures taken by Hon. Diyawadana Nilame Nilanga Dala and the Basnayake Nilames of the 4 Dewala. The government, media and other parties present were informed about the security measures, health & safety measures and all other procedures in place during the Perahera from the 25th July till 04th August.

Share With

More to Explore

Perahera Sandeshaya

“Perahera Sandeshaya” was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Read More »
Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසර මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 1.16ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 3.04ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1713 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී.

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 2.39a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2023.2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (30) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරනු ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 2.39ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Read More »
Scroll to Top