මහනුවර ඇසළ පෙරහර තේමාකර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිත්තරුන් විසින් සිතුවම්කර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයට එවා තිබූ චිත්‍ර ඇතුලත් “ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් ප්‍රදර්ශණය අද (අගෝ. 7) සිට ආරම්භ කෙරුණා. එය පුරා දින 4ක් මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේ දී පෙ.ව 10 සිට ප.ව 03 වන තෙක් පැවැත්වේ. අද පෙරවරුවේ සිතුවම් ප්‍රදර්ශණය සමාරම්භක අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එක් විය. විවෘත අංශයේ සිතුවම් අද දින ප්‍රදර්ශණය කෙරුණු අතර, හෙට (අගෝ. සිට පිළිවෙලින් අ.වු 6-10 අංශයේ සිතුවම් 2022.08.08 දින, අ.වු 11-16 අංශයේ සිතුවම් 2022.08.09 දින සහ අ.වු 17-18 අංශයේ සිතුවම් 2022.08.10 යන දිනයන් හීදී ප්‍රදර්ශණයට තැබීමට නියමිතයි.

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022
ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..