ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම

donation

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(23) මෙසේ ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාග, ඩයලොග් සමාගම, අලියා සිසිල් බීම සමාගම, සී /ස. ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා සමාගම, නෙත් එෆ්.එම්, සිංගර් ශ්‍රී ලංකා සමාගම, මැලිබන් සමාගම, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලාෆ්ස් ගෑස් සමාගම, ෆොන්ටෙරා සමාගම, සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය හා ලිට්රෝ ගෑස් සමාගම මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය ලබා දෙන ලදී.Lot of meritorious sponsors from the government and private sector equally sponsored today 23rd, towards making the 2020 Kandy Esala Perahara Festival a successful event. This was done at a meeting held at the Sri Dalada Maligawa today. Sri Lanka Telecom PLC, Dialog, Elephant House, D Samson And Sons (Pvt) Ltd, National Lotteries Board, Development Lotteries Board, Nestle Lanka, Neth Fm, Singer Sri Lanka, Maliban Group, People’s Bank, Bank Of Ceylon, Sri Lanka Insurance Company, Laugfs Gas PLC, Fonterra, Sri Lanka Tourism Development Authority and Litro Gas Lanka are the meritorious sponsors of Kandy Esala Perahara this year

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top