News

Official News –  Kandy Esala perahera

Kandy-Esala-Perahera-2023---Official-Meeting-01

Kandy Esala Perahera 2023

A discussion was held today (July 5th) in the Sri Dalada Maligawa Auditorium with government officials and security chiefs regarding the holding of this year’s Kandy Esala Perahara festival. The Anunayaka thero of Asgiri Maha Viharaya, Most Ven. Anamaduwa Dhammadassi, the honorable Diyawadana Nilame of Sri Dalada Maligawa, and Basnayana Nilames participated in the discussion. The primary activities required to organize the 2023 Kandy Esala Perahara festival were discussed. මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය පැවැත්වීම පිළිබඳ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද (ජූලි 5) දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. මේ සඳහා අස්ගිරි මහා විහාරීය අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා හා බස්නායන නිලමේවරුන් සහභාගී වූහ. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.  

Kandy Esala Perahera 2023 Read More »

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022 Read More »

The official IT partner of Temple of The Sacred Tooth Relic(SLTMobitel)

As the official IT partner of the Temple of the Sacred Tooth Relic, Sri Lanka Telecom Mobitel (SLTMobitel) makes an annual contribution. Accordingly, the offering of devotional contributions for the year 2022-2023 took place today (August 17) in the morning at the Temple of the Sacred Tooth Relic. Sri Lanka Telecom Mobitel Company has combined modern technology for many services such as telephone communication facilities, internet facilities, WiFi facilities for local and foreign devotees, modern guidance for foreign tourists and mobile application of the temple etc.Sri Lanka Telecom Mobitel Company fulfills its mission with modern technology for many services. The Sri Lanka Telecom Mobitel Company is also providing the necessary communication facilities for the events organized by the Temple of the Sacred Tooth Relic, including the Kandy Esala Perahera Festival that draws the eyes of the world to the citadel of Kandy. Sri Lanka Telecom Mobitel Chief Financial Officer Sudarshan Giganage, Mobitel Regional Head Romesh John, Central Province Sales General Manager Anuruddha Ratnayake, Kandy District Manager Chaminda Bandara, Kandy Branch Manager Aruni Dunuwila were present on this occasion.

The official IT partner of Temple of The Sacred Tooth Relic(SLTMobitel) Read More »

Day-perahera

Divinely Colourful & Wondrous 1712th Kandy Esala Perahera 2022 Festival Comes to an End

Divinely colorful & wondrous 1712th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings, after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” “Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2022 was handed over to his excellency the president Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1712 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා දින 11ක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එහි සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී. 2022 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ බව ගරු ජනාධිපති තුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව මෙසේ සනිටුහන් විය.

Divinely Colourful & Wondrous 1712th Kandy Esala Perahera 2022 Festival Comes to an End Read More »

diya-kapeema

Water Cutting Ceremony 2022

The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (11) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the 04 guardian deity. Then at the auspicious time of 12.58a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. 2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(11) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව රාත්‍රී 12.58ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Water Cutting Ceremony 2022 Read More »

Grand-Randoli-Perahera---Kandy-Esala-Perahera-2022

Grand Randoli Perahera – Kandy Esala Perahera 2022

Indiraja the fortunate Ceremonial tusker carrying the Relic Casket under the golden canopy walking on white cloth carpets, with Miyanraja & Burumaraja in the tusker group amidst upcountry dance, music, singing acts & the worship of thousands who gathered in the streets, showcasing the grandeur of the cultural rituals of thousands of years, on the 1712th Kandy Esala Perahera Festival. චිරාත්කාලයක මහා සම්මතයක පුද සිරිත් සුරකිමින්, 1712 වන වරට වීථිසර කන්ද උඩරට සෙන්කඩගල ඇසල පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර දා ධවල පාවඩ මතින් උඩුවියන් යටින්, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවන්නට සසර පින් පිරූ ඉන්දිරාජා මගුල් ඇත් රජුට දෑලේ පිරිවර ගමන් ගිය බුරුමරාජා හා මියන්රාජා ද කැටුව, නේකවිධ උඩරට නැටුම්, ගැයුම් හා වාදන ඉදිරියේ ද දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ සාධුකාර මධ්‍යයේ ද සෙන්කඩගල මහනුවර වීදී වන්දනීය අසිරි සිරියෙන් පුරවා හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ ගෞරවනීයත්වය ලොවට පෙන්වීය

Grand Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »

Fourth-Randoli-Perahera---Kandy-Esala-Perahera-2022

Fourth Randoli Perahera – Kandy Esala Perahera 2022

Fourth Randoli procession, Indiraja carrying the Relic Casket walking majestically on white cloth carpets under a beautiful canopy intricately designed with gold thread accompanied by Miyanraja & Burumaraja on either side in the tusker group රන් හුයෙන් ගෙත්තම් කල උඩු වියන් දරමින් ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින්ඉන්දිරාජා මගුල් ඇතු පිරිවරූ බුරුමරාජා සහ මියන්රාජා ඇත්රජුන් සමගින් සිව්වන රන්දෝලි පෙරහර මහනුවර වීදි සංචාරය කළේය

Fourth Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »

Third Randoli Perahera - Kandy Esala Perahera 2022

Third Randoli Perahera – Kandy Esala Perahera 2022

The devout moment of Indiraja the ceremonial tusker carrying the Relic casket with Miyanraja & Burumaraja in the tusker group on the 3rd Randoli procession of the Kandy Esala Perahera Festival 2022, amidst the devoted cultural offering of Upcountry dancing, singing & music. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, ගායන හා වාදන ශිල්පීන්ගේ භක්තිමත් සංස්කෘතික පූජෝපහාර මධ්‍යයේ ඉන්දිරාජා මංගල හස්ථිරාජයා මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවන විට මියන්රාජා හා බුරුමරාජා දෑලේ ගමන් කරන ලදී.

Third Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »

Second Randoli Perahera - Kandy Esala Perahera 2022

Second Randoli Perahera – Kandy Esala Perahera 2022

Fortunate tusker Sinharaja carrying the Relic Casket with Miyanraja&Burumaraja on either side on the second day of Randoli, while the skill & talent of the spectacular Upcountry dancing, music & singing was a Dalada offering. පින්වන්ත ඇත්රජු, සිංහරාජා මංගල ඇතු දෑලේ රැකවල්ලන මියන්රාජා සහ බුරුමරාජා පිරිවරා, පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි හඬ පතුරවමින් දළදා සමිඳුන්ටත් සිව් මහා දෙවි වරුන්ටත් විචිත්‍රවත් උඩරට නර්තන, ගායන හා වාදන පූජෝපහාරයන් දෙවන රන්දෝලිය දා පුද කරන ලදී.

Second Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »

First Randoli Perahera - Kandy Esala Perahera 2022

First Randoli Perahera – Kandy Esala Perahera 2022

Indiraja, the ceremonial tusker carried the Relic Casket illuminating the citadel of Kandy while the rhythm of Hewisi echoed through the calm night. උඩරට හේවිසි නදින් ගිගුම් දුන්, නුවර වීථි බබළවමින් සධාතුක පෙරහර කරඩු වහන්සේ වැඩම වූ ඉන්දිරාජා මංගල හස්ථිරාජයා පෙරටුව උඩරට නැටුමින් පළමු රන්දෝලිය මෙලෙස හැඩ විය.

First Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »

Scroll to Top