News

Official News –  Kandy Esala perahera

297642010_444375861067104_7396426988125159451_n

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සිතුවම් ප්‍රදර්ශණය

මහනුවර ඇසළ පෙරහර තේමාකර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිත්තරුන් විසින් සිතුවම්කර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයට එවා තිබූ චිත්‍ර ඇතුලත් “ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් ප්‍රදර්ශණය අද (අගෝ. 7) සිට ආරම්භ කෙරුණා. එය පුරා දින 4ක් මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේ දී පෙ.ව 10 සිට ප.ව 03 වන තෙක් පැවැත්වේ. අද පෙරවරුවේ සිතුවම් ප්‍රදර්ශණය සමාරම්භක අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එක් විය. විවෘත අංශයේ සිතුවම් අද දින ප්‍රදර්ශණය කෙරුණු අතර, හෙට (අගෝ. සිට පිළිවෙලින් අ.වු 6-10 අංශයේ සිතුවම් 2022.08.08 දින, අ.වු 11-16 අංශයේ සිතුවම් 2022.08.09 දින සහ අ.වු 17-18 අංශයේ සිතුවම් 2022.08.10 යන දිනයන් හීදී ප්‍රදර්ශණයට තැබීමට නියමිතයි.

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සිතුවම් ප්‍රදර්ශණය Read More »

The Greatest Offering To The Sacred Tooth Relic by The Indigenous Community

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession. It was done today (Aug. 7) morning as per the ancient custom by Uru Warige Wannile Aththo, the chief of the community. සෑම වසරකම ඇසළ පෙරහර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව මී පැණි පූජා කිරීම පෞරාණික සිරිතකී. අද (අගෝස්තු 07) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගයට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය ඉටුකරන ලදී.

The Greatest Offering To The Sacred Tooth Relic by The Indigenous Community Read More »

Fifth-Kumbal-Procession--Kandy-Esala-Perahera-2022

Fifth Kumbal Procession- Kandy Esala Perahera 2022

Indiraja the Ceremonial Tusker carried the Relic Casket with Burumaraja & Miyanraja in the tusker group, amidst the traditional performers & craftsmen unveiling the timeless heritage and the rise of onlookers to pay homage to the Relic Casket on the 5th day, marking the end of Kumbal procession. කුඹල් පෙරහැර සමාප්තිය තබමින් පස්වන කුඹල් පෙරහරදා නේක නෘත්යන්ද රාජකාරි නිල ඇත්තන්ද පිරිවරකොට දෙපස දැලේ බුරුමරාජා සහ මියන්ර‍ාජා ඇත් රජුන් පිරිවරා ගරු බුහුමන් මැද,ඉන්දිරාජා මංගල මංගල හස්ති රාජයා විසින් පෙරහර කරඬු වහන්සේ වැඩමවන ලදී.

Fifth Kumbal Procession- Kandy Esala Perahera 2022 Read More »

Fourth-Kumbal-Procession--Kandy-Esala-Perahera-2022

Fourth Kumbal Procession- Kandy Esala Perahera 2022

The picturesque sights of Indiraja carrying the Relic Casket radiating blessings upon the universe, with Burumaraja&Miyanraja on either side, after receiving the blessings of the four great gods of the four shrines. සිව්මහා දෙවිවරුන්ගෙන් පෙරහර මඟට ආශිර්වාද ලබා මියන් රාජා හා බුරුම රාජා ඇත්දෙපළ සමඟඉන්දිරාජා මඟුල් ඇතු සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් සකල ලෝක වාසීන්ට සෙත් පැතූ පින් පිරූ දසුන් පෙළහර.

Fourth Kumbal Procession- Kandy Esala Perahera 2022 Read More »

Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on this 3rd Kumbal Procession.

Third Kumbal Procession- Kandy Esala Perahera 2022

The mastery of the Kandyan dance masters & their wonderous performance was showcased to the world, appeasing the eyes of the onlookers. Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on either side in the tusker group on this 3rd Kumbal Procession. සප්ත මංගල ලකුණු පිරිපුන් ඉන්දිරාජා මඟුල් ඇතු, බුරුම රාජා සහ මියන් රා‍ජා ඇත් දෙපල මධ්‍යයෙහි සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවත්, උඩරට සම්ප්‍රදායේ විශිෂ්ඨයින් සිය පෙළහර පාමින් තෙවන කුඹල් පෙරහරින් අපේ කම ලෝකයක නෙත් සැනසීය.

Third Kumbal Procession- Kandy Esala Perahera 2022 Read More »

Second-Kumbal-Procession--Kandy-Esala-Perahera-2022-01

Second Kumbal Procession- Kandy Esala Perahera 2022

Announcing that the first Kumbal procession decorated the streets of Kandy today, after stepping on the ancient moonstone. Preserving age-old traditions, devotedly showering blessings upon all beings. වසර දහස් ගණනක පුරාණ සම්ප්‍රදායන් රැකගත් බැතියෙන් සියලු ලෝක සත්වයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් ඓතිහාසික සඳ ගලට පාතබා පින්බර සෙන්කඩගල නුවර සප්ත වීථින් සැරසූ වගයි.

Second Kumbal Procession- Kandy Esala Perahera 2022 Read More »

First Kumbal Procession- Kandy Esala Perahera 2022

First Kumbal Procession- Kandy Esala Perahera 2022

Announcing that the first Kumbal procession decorated the streets of Kandy today, after stepping on the ancient moonstone. Preserving age old traditions, devotedly showering blessings upon all beings. වසර දහස් ගණනක පුරාණ සම්ප්‍රධායන් රැකගත් බැතියෙන් සියලු ලෝක සත්වයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර  සුබ නැකතින් ඓතිහාසික සඳ ගලට පාතබා පින්බර සෙන්කඩගල නුවර සප්තවීථින්සැරසූවගයි.

First Kumbal Procession- Kandy Esala Perahera 2022 Read More »

Sponcer-2022

Government Institutions And Private Companies Contributed For Kandy Esala Perahera Festival 2022

Many Government Institutions And Private Companies Contributed For the success of the Kandy Esala Perahera Festival 2022 at a meeting held at the Temple of the Sacred Tooth Relic today (29th July) Bank of Ceylon, People’s Bank, Dialog Axiata PLC, Unilever Sri Lanka, Nestle Lanka PLC, Singer Sri Lanka PLC, People’s Insurance PLC, Department of Public Trustee, People’s Leasing & Finance PLC, Maliban Biscuits Manufactories (Pvt) Ltd, National Lotteries Board, Sri Lanka Insurance & Elephant House of Ceylon Cold Stores offered their devotional contribution for the Kandy EsalaPerahera Festival 2022. 2022 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය ලබාදෙනු ලැබුවා. ඒ ශ්රීා දළදා මාලිගාවේ අද(ජූලි 29) දිනපැවති හමුවේ දී ය. ලංකා බැංකුව, මහජන බැංකුව, ඩයලොග් ආසියාටා සමාගම, යුනිලීවර් ශ්රීා ලංකා සමාගම, නෙස්ලේ ලංකා සමාගම, සිංගර් ශ්රීල ලංකා සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම,මහා භාරකාර දෙපාර්තමේන්තුව, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්රීෙ ලංකා රක්ෂණ සංස්ථාව සහඅලියා සිසිල් බීම සමාගම මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී.

Government Institutions And Private Companies Contributed For Kandy Esala Perahera Festival 2022 Read More »

Ath-andum-poojwa-2022

The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers – Kandy Esala Perahera Festival 2022

The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers, who will be adorning the Kandy Esala Perahera Festival 2022 were donated today (29th July)morning at the Temple of the Sacred Tooth Relic. Mrs. WasanaPerera donated the set of costumes for the 4thconsecutive time to be used for the first Kumbal procession on the 2nd August marking the commencement of the Kandy EsalaPerahera Festival 2022. Mrs. ChathurikaWijetunga& Mrs. Rupika Costa donated the costumes for the 2ndKumbal procession for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero. For the 3rdKumbal procession a costume made out of Batik by Mr. LahiruAsangaSrinayake& Mr. Sunil Rabel was donated with the sponsorship of Member of Parliament Hon.DumindaDissanayake, Mrs. JayaniThiseraDissanayake, Mrs. ChandimaJayasuriya& Mr. SankaMuthuranwela. For the 4thKumbal procession by Mrs. SaumyaHerath and for the royal tusker group of  5thKumbal procession by Mrs. NisansalaPerera of Kandy for the 3rd consecutive time. For the royal tusker group of 1stRandoli procession by Mrs. DisnaWanigasekera for the 4th consecutive time, For the 2ndRandoli procession by Mrs. WasanthaRukmaniPerera for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero, for the 3rdRandoli procession costumes were donated  by Mr. R. N. Rajapakse for the 8th consecutive time. Mrs. SagarikaThirimanna of Panadura donated the costumes for the 4thRandoli procession for the 11th consecutive time. Mr. ThusithaWijesena the chairman of Kandy City Centre (KCC) donated the costumes for the royal tusker group of the Grand Randoli procession for the 28th consecutive time. The costume for the Front Runner’s(PeramuneRaala) tusker was donated by  Mrs. NimathriRandeniya. Mrs. SasankaAlwis donated the costumes for the Day procession. Other than the above the below mentioned ladies & gentlemen also donated beautiful costumes for the tuskers taking part in the Kandy EsalaPerahera Festival 2022, NethranjaliRanaweera, GimhanRashintha, ShehaniNanayakkara, SameeraLakshan, ChandaniNawaratne, ChathurikaWijetunga, AruniUthpalaDissanayake, SamarasingheAppuhami, NalinTharinduShalinda&BanuGamage. 2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය අද (ජූලි 29) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. අගෝස්තු 02 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය සිව්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් චතුරිකා විජේතුංග මහත්මිය සහ රූපකා කොස්තා මහත්මිය විසින් ඇත් ඇඳුම් පූජා කරන ලදී. තෙවන කුඹල් පෙරහර සඳහා ලහිරු අසංග ශ්‍රී නායක මහතා සහ සුනිල් රබෙල් මහතා විසින් බතික් වලින් නිර්මාණය කළ ඇත් ඇඳුම් කට්ටලයක් පූජා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මැතිතුමා, ජයනි තිසේරා දිසානායක මැතිතුමිය, චන්දිමා ජයසූරිය මැතිතුමිය සහ ජයසංඛ මුතුරන්වෙල මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. සිව්වන කුඹල් පෙරහර සඳහා සෞම්‍යා හේරත් මැතිණියත්, පස්වෙනි කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා තුන්වෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර නිසංසලා පෙරේරා මහත්මියයි. පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිව්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් වසන්තා රුක්මනී පෙරේරා මත්මියත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අටවෙනි වරටත් ආර්.එන්. රාජපක්ෂ මහතා ද ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අඛණ්ඩව එකොළොස් වරටත් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 28 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී. අවසන් මහා රන්දෝලි පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවේ නිමාත්‍රි දන්දෙණිය මැතිණිය විසිනී. සසන්කා අල්විස් මැතිණිය දහවල් පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. මීට අමතරව,නේත‍්‍රාන්ජලී රණවීර, ගිම්හාන් රශින්ත, ශෙහානි නානායක්කාර, සමීර ලක්ෂාන්, චාන්දනී නවරත්න, චතුරිකා විජේතුංග, අරුණි උත්පලා දිසානායක, සමරසිංහ අප්පුහාමි, නලින් තරුඳු ශාලින්ද, බානු ගමගේ යන මහත්ම මහත්මීන් විසින්ද 2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය කරන ලදී.

The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers – Kandy Esala Perahera Festival 2022 Read More »

kap-situweema-2022

Kap Situweema (The Planting of Kapa ) – Kandy Esala Perahera Festival 2022

The Planting of “Kapa” at the four Devalaya premises today..The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2022 was planted today (July 29) at the four Devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside processions will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini Devalaya premises. සිව් මහා දේවාල වෙත ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී..ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (ජූලි 29) අළුයම යෙදුන සුබ මෙ‍ෙහාතින් සිටුවන ලදී. 2022 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

Kap Situweema (The Planting of Kapa ) – Kandy Esala Perahera Festival 2022 Read More »

Scroll to Top