2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2025 ක් වූ ඇසළ මස 24 වෙනි දින හෙවත් අද අලුයම යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ ඓතිහාසික අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙනි. අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, අනතුරුව පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙන එන ලදුව, එය අද පස්වරුවේ සිව්මහා දේවාල වෙත බෙද‍ාදෙනු ලබයි. 2025 ජූලි 25 පෙරවරුවේ එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.

සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනුවෙන් හඳුන්වන්නේ කණුවයි. “කණුවක් සිටුවා කැපවෙමි” යන අර්ථයෙන් “කප් සිටුවීම” එදා සිට අද දක්වා චාරිත්‍රානුකූලව පවත්වාගෙන එයි. මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන අතර, මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසින් කප් සිටුවීම සිදු කරති.


To mark the beginning of the Kandy Esala Perahera Festival 2025, the chanting of the ‘Kap’ takes place in the Sathara Koralaya.

Before the commencement of the historic Kandy Esala Perahera, the Kap chanting was performed in accordance with ancient customs for the installation of the Kap, at the auspicious time today, in the month of Esala of the state year 2025, at the historic Aluthnuwara in the Sabaragamuwa region.

This was carried out under the leadership of the Sri Maha Vishnu Devalaya of Kandy.The Kap, brought amidst the sounds of Hevisi drums and trumpet music, was first offered in ritual worship at the Sri Dedimunda Devalaya, Aluthnuwara, and then taken in procession to the Sri Maha Vishnu Devalaya, Kandy.This evening, the Kap will be distributed to the four main devalayas.

On 25th July 2025, at the auspicious time, the Kap will be planted at those devalayas, marking the commencement of the inner temple processions.
This ancient ritual, practiced for over three centuries, is known as “Kap”, meaning a pole. The expression “planting a pole to devote” gives rise to the term Kap Situwima (Kap planting or chanting), a tradition that has continued from the past to the present day.

For the Kandy Esala Perahera, the auspicious times for Kap installation are determined by the Sri Dalada Maligawa (Temple of the Sacred Tooth Relic), and the four main Devalayas of Kandy Natha, Vishnu, Kataragama, and Paththini – carry out the Kap chanting accordingly.

Scroll to Top