2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 08 වන නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් මහත් හරසරින් යුතුව වීථි සංචාරය කර ගෙවදින ලදී. අනතුරුව අළුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල දියකැපීමේ පෙරහර වෙනුවෙන් ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රවලට අනුව ගැටඹේ, මහවැලි ගඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ මහවැලි ගඟ නිම්නය හා ඒ අවට ප්‍රදේශවල රැස්ව සිටියා.
The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2025 returned to the temple after parading the streets on 9th August 2025 ( Nikini full moon Poya day), paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time at early morning, the Relic Casket was reverentially carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Mahavaly river side at Gatambe to witness this event.









