The costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today

Ath Adum pujawa
The colorful and glamourous costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today (04) in the morning at Sri Dalada Maligawa.
 
Mrs Wasana Perera donated the set of costumes for the 3rd time for the first Kumbal procession which will start on the 13th of August.
Costumes were donated by Mrs. Anoja Dharmapriya for the 8th time under the guidance of Ven. Yatiyantota Chandakitti Thero for the 2nd Kumbal procession,
by Mr. Lahiru Asanga Srinayake a set of Batik costumes for the 3rd Kumbal procession,
by Mrs. Saumya Herath for the 4th Kumbal procession
and by Mrs Nisansala Perera of Kandy for the 2nd time for the 5th Kumbal procession.
The costumes for the tusker group were donated for the 3rd time by Mrs Disna Wanigasekera for the first Randoli procession,
by Mrs Rukmani Perera for the 8th time under the guidance of Ven. Yatiyantota Chandakitti thero for the 2nd Randoli procession,
by Mr R. N. Rajapakse for the 7th time for the 3rd Randoli procession,
by Mrs Sagarika Thirimanne of Panadura for the 10th consecutive time for the 4th Randoli procession,
by Mrs Chathurika Wijetunge for the first tusker of the 4th Randoli procession and
by Mr Thusitha Wijesena the chairman of Kandy City Centre(KCC) for the 27th consecutive time for the Grand Randoli procession, by Mrs Nimathri Randeniya the costume was donated for the first tusker of the Grand Randoli procession and the costume for the Day procession was donated by Mrs Sasanka Alwis.

 

2021 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය අද(04) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.

අගෝස්තු 13 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ

පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය තුන්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර

දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් අටවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අනෝජා ධර්මප්‍රිය මහත්මිය ඇත් ඇඳුම් පූජා කරන ලදී.

තෙවන කුඹල් පෙරහර සඳහා ලහිරු අසංග ශ්‍රී නායක මහතා විසින් බතික් වලින් නිර්මාණය කළ ඇත් ඇඳුම් කට්ටලයක් පූජා කළ අතර,

සිව්වන කුඹල් පෙරහර සඳහා සෞම්‍යා හේරත් මැතිණියත්,

පස්වෙනි කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දෙවෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර නිසංසලා පෙරේරා මහත්මියයි.

පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් තුන්වෙනි වරටත්,

දෙවන රන්දෝලි පෙරහර සඳහා අටවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් රුක්මනී පෙරේරා මත්මියත්,

තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් හත්වෙනි වරටත් ආර්.එන්. රාජපක්ෂ මහතා ද ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා.

සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අඛණ්ඩව දසවෙනි වරටත් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, චතුරිකා විජේතුංග මහත්මිය විසින් සිව්වන රන්දෝලි පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවා.

අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 27 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී. අවසන් මහා පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවේ නිමාත්‍රි දන්දෙණිය මැතිණිය විසිනී. සසන්කා අල්විස් මැතිණිය දහවල් පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා.

Share With

More to Explore

Perahera Sandeshaya

“Perahera Sandeshaya” was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Read More »
Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසර මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 1.16ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 3.04ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1713 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී.

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 2.39a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2023.2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (30) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරනු ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 2.39ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Read More »
Scroll to Top