“Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple

Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy yesterday (22) on Nikini Full Moon Poya day, paying homage to the Sacred Tooth Relic & the four Diety. After finishing the Grand Randoli yesterday, at the auspicious hour of 11.23 the “Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple as per the ancient rituals and kept there. Later the four Devala processions went to Getambe.”Diya kepeema” or the ritual of water cutting took place in river Mahaweli at Getambe.

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(22) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා දක්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීදි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, ඉන් අනතුරුව රාත්‍රී 11.23ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය.

View Facebook post
Scroll to Top