“Esala Pehaherai Sithuwam Pelaherai” 2023

Esala-Pehaherai-Sithuwam-Pelaherai-2023-02
The art competition and the exhibition organized by the Media Bureau of Sri Dalada Maligawa under the theme “Esala Pehaherai Sithuwam Pelaherai 2023” where competitors were invited to submit a eye-catching moment from the procession concluded today. The most beautiful 300 drawings selected out of nearly 5,000 submissions we received were on display at the great audience hall (Magul Maduwa) for the last 3 days.
15 selected winners as 1st, 2nd and 3rd under 5 categories were presented with prizes and certificates at the concluding ceremony held at the Golden Utensils Pavilion today (29). All those who participated will be issued a certificate of participation. Sri Dalada Maligawa appreciates all those who participated by sending your drawings of this most valued cultural heritage.
 
මහනුවර ඇසළ පෙරහරේ දුටු ලස්සනම දර්ශනය සිතුවම් කර අපට එවූ දහස් ගණනක් සිත්තරුවන්ගේ සිතුවම් දැක්ම හා තරඟය, ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2023 අදින් අවසන් විය. පන්දහසකට ආසන්න සිතුවම් අතරින් තොරාගත් හොඳම සිතුවම් තුන්සියය පුරා දින 3ක් මහනුවර මඟුල් මඩුවේ දී දෙස් විදෙස් කරඹන්නන් සඳහා ප්රදර්ශණය කළ අතර, කාණ්ඩ 5ක් යටතේ තෝරාගත් පළමු, දෙවන හා තෙවන ස්ථාන 15ක් සඳහා ත්යාග හා සහතික පත් ශ්රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපයේ අද(29) පැවති සමාප්ති උත්සවයේ දී පිරිනමන ලදී. සිතුවම් එවු අනෙකුත් සියළුම දෙනා සඳහා සහභාගීත්ව සහතික ලබාදෙන අතර, ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2023 ප්රදර්ශණය හා තරඟය වෙනුවෙන් සිතුවම්කරණයෙන් එක්වෙමින්, ලොව නොදෙවෙනි අපේ රටේ සංස්කෘතික උරුමය හා ප්රෞඩත්වය සිතුවමින් විදාහා දැක්වීමට කටයුතු කළ සැමට ශ්රී දළදා මාලිගාවේ ගෞරවනීය ප්රණාමය.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top