The Grand Randoli Procession of the Kandy Esala Perahera 2023

The-Grand-Randoli-Procession-of-the-Kandy-Esala-Perahera-202303

Kataragama Wasana carried the Relic Casket under a golden canopy, walking on cloth carpets in keeping the royal customs of a great standard on the grand Randoli Procession of the Kandy Esala Perahara Festival in Senkadagala on the 2567th Buddhist year keeping Sinharaja & Kandula for protection. Accompanied by the sounds of the fivefold orchestra, brilliant upcountry dance forms and the officials by royal decree parading the streets on this grand night to bring the glory of the great cultural worship to the eyes of the world.

චිරාත්කාලයක මහා සම්මත රාජකීය සිරිත් සුරකිමින් ශ්රී බුද්ධ වර්ෂයෙන් 2567 වැන්නේ සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර දා සධාතුක පෙරහර කරඬු වහන්සේ දරමින් පින්සාරවත් මඟුල් ඇතු කදිරපුර වාසනා, රන් වියන් යටින් – ධවල පාවාඩ මතින් දෙපස රැකවල්ලන සිංහරාජා හා කණ්ඩුල මහ ඇතුන් පිරිවරකොට, උඩරට ප්රභාමත් නර්තන ලීලයෙන් ද, පංච තුර්ය නාදන් ද රාජ සම්මත නිලකරුවන් ද පරිවාර කොට, සැට කලාවක නිකිණි හඳ පෑයූ මහානීය රාත්රියේ උත්තම පෙරහර කරඬු වහන්සේ වැඩමවමින්, හෙළයේ මහා සංස්කෘතික පුජෝපහාරයේ අභිමන සකල ලෝක වාසින්ගේ නේත්රාභිවන්දනයට පාත්ර කළ වගයි.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2024 අගෝස්තු 20 දින දහවල් 2.11 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 5.27 ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1714 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය එලෙස තබන ලදී. 2024 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය. Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada”“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2024 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival.

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරන ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 12.24ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ මහවැලි ග‍‍ඟ නිම්නය හා ඒ අවට ප්‍රදේශවල රැස්ව සිටියා.Early Morning Procession and Water cutting ceremony of 2024The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2024 returned to the temple after parading the streets on 19th August 2024 on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 12.24 a.m, the Relic Casket was reverentially carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Mahavaly river side at Gatambe to witness this event.

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල් කළ මියන්රාජා හා කෝට්ටේරාජා සහපිරිවර පෙරටු කොටගත් උඩරට ප්‍රභාමත් නර්තනාංග ද, පංච තූර්ය නාදයන් ද, අත්වට කොප්පර පන්දම් එළි ද අතරේ රාජ සම්මත නිලකරුවන් පරිවාරකර ගනිමින්, නිකිණි පුරසඳ දිලුන භක්තිවන්ත මහානීය රාත්‍රියේ ධවල පාවාඩ මතින්, රන් වියන් සෙවණින් සිරි දළදා කරඬුව වැඩමවමින් හෙළයේ මහා සංස්කෘතික පුජෝපහාරයක අබිමන් ලෝවැසි සත්වගට දක්වා, නෙත්සිත් පැහැදූ වගයි. In the grand tapestry of the Kandy Esala Perahera Festival of 2024, a majestic scene unfurls. The ceremonial tusker, Indiraja, adorned in regal splendour, bears the revered Relic Casket beneath a shimmering gold canopy under the Nikini full moon. With each deliberate step, he treads upon the white cloth carpets, as if conscious of the sacred burden he carries. By his side, tuskers Kotteraja and Myanraja stride in harmonious grace, completing this Grand Randoli Procession.Around them, the air is alive with the vibrant rhythms of Sri Lankan five-fold music, a symphony that echoes the heartbeat of the island’s soul. The brilliance of Kandyan dancers, resplendent in their traditional attire, moves in time with the ancient rhythms, their movements a living testament to the rich cultural heritage they embody. The night is lit by the flickering glow of copra torches, casting a golden hue upon the scene, while officials, appointed by royal decree, stand as guardians of this hallowed tradition.Together, they create a tableau of splendour, a celebration of faith and culture, offering blessings to the hearts and souls of all who behold it, showcasing to the world the timeless beauty and deep spiritual essence of Sri Lanka.

Read More »
Scroll to Top