News 2020 Kandy esala Perahera

The Bee Honey Pooja by Indigenous people
දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව..අපේ ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර

තැපැල් දෙපාර්තමේන්තුවෙන් පෙරහරට ගරු බුහුමන්
කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව සඳහා අස්ගිරි විහාර

ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම
2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(23) මෙසේ ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාගය
ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි.
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන

අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවයි!
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී
Video News
ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය. පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර වෙනුවෙන් මහනුවර නිසංසලා පෙරේරා මහත්මිය, පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් දෙවෙනි වතාවටත් කැළණියේ දිස්නා වනිගසේකර මහත්මිය, දෙවෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ද, තුන්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් මහනුවර ආර්.එන්. රාජපක්ෂ මහතා, සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මියත්, අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 26 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් යන අය විසින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කරනු ලැබුවා. The meritorious task of donating beautiful and colorful costume for the ceremonial tusker and the group of tuskers were done today the 22nd at Sri Dalada Maligawa. Mrs Wasana Perera of Weliveriya donated the costume to be used on the first Kumbal Perahera and this was her second donation. Mrs Nisansala Perera of Kandy donated the costume to be used for the 5th Kumbal Perahera, also for the second time by Mrs Disna Wanigasekera of Kelaniya donated the costumes to be used for the 1st Randoli Perahera, By Ven Yatiyantota Chandakitthi thero for the 2nd Randoli Perahera and by Mr R.N Rajapakse of Kandy for the 3rd Randoli Perahera, by Mrs Sagarika Thirimanne of Panadura for the 4th Randoli Perahera and for the 26th consecutive time by Mr Thusitha Wijesena MD of Kandy City Center for the Grand Randoli Perahera.
ඇසළ පෙරහර ආලෝක කරන්නට යුධ විරුවන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර වීදි සරන්නට තවත් ඇත්තේ දින 10කී. පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ කොප්පරා පන්දම් සඳහා අවශ්‍ය කොප්පරා ටොන් 5ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත අද(15) පරිත්‍යාග කරනු ලැබුවා. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එය සංකේතවත් කරමින් අළුයම ශ්‍රී දළදා මාලිගාවේදී ගරු දියවඩන නිළමේතුමන් වෙත පරිත්‍යාගය පිළිගන්වනු ලැබුවා. 10 more days for the most awaited event in Kandy. The Esala Perahera Festival 2020. This year also the Sri Lanka Army donated 5 tons of Koppara ( dried up split coconuts) to light up the skies during the procession. This was done by Army Commander Lieutenant General Shavendra Silva today the 15th to the Diyawadana Nilame of Sri Dalada Maligawa.