“Valiyak Festival” 2021

236681251_10158646124348687_8198192732681680821_n

As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the “Valiyak Festival” also known as the dance of “Valiyak” , it is a “Shanthikarma” (a traditional ancient ritual) known as ” Hadda Valiyakuma”. Performed by a group of people who did not take part in the Procession, to bless all those who took part and to get rid of all evil. This ritual is done for seven days at a strech evening till dawn. Accordingly the ritual was performed in Sri Maha Vishnu Devalaya from the last day of the festival (23) till today (30).

ලක්ෂ සංඛ්යාත දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරමින් ගෞරවාදර අභිමානයට පත් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය නිමාවත් සමග මීළඟට හඬ ඇසෙන්නේ මහනුවර ශ්රි මහා විශ්ණු දේවාලයෙනි. ඒ “වලියක් මංගල්යය” හෙවත් වලියක් නැටුම, හද්දා වලි­ය­කුම නමින් පවත්වනු ලබන ශාන්ති කර්මයෙනී. පෙරහරට කිසිදු සහභාගිත්වයක් නැති ශිල්පීන් විසින් පෙරහරට සහභාගි වූ ශිල්පීන් ඇතුළු සියලුම දෙනාගේ වස් දොස් දුරු කරනු පිණිස සත් දිනක් පුරාවට අලුයම පහන් වන තුරු පවත්වනු ලබන මේ ශාන්තිකර්මය පෙරහර අවසාන දින සවස් යාමයේ සිට පුරා සත් දිනක් පැවැත්වේ. ඒ අනුව මෙවර 2021 ඇසළ පෙරහර අවසානය සනිටුහන් වූ පසුගිය 23 වෙනි දා සිට අද(30) දක්වා මහනුවර ශ්රී මහා විශ්ණු දේවාලය තුල පවත්වන ලදී.
වලියක් ශාන්ති කර්මය පැවත එන්නේ රජ දවස සන්නස් මගින් උරුමය ලද එක් පරම්පරාවක් මගිනි. මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව වලියක් මංගල්යය සඳහා හිමිකම උසුලයි. සිරිදරා, පුංචිකිරා, සිල්පා, වැනි පරම්පරා නියෝජනය කරමින් පැවති මෙම පරම්පරාවේ වර්තමානයේ නියෝජනය කරනුයේ අටවෙනි පරම්පරාවේ වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය.
ශ්රි වීර පරාක්රම නරේන්ද්රසිංහ රජු ඉදිරියේ පෑ නර්තන හා වාදන දස්කම් විස්කම් දැක රජු විසින් “වාසිංහ” නාමය ලබා දී ඇති බවටත් සන්නසක් හා පඨා බෙරයක්ද සමග වලියක් මංගල්යයේ හිමිකම ද ලබා දී ඇති බවටත් වර්තමාන පරපුර අත සාක්ෂි තිබේ.
පෙරහරට දායකත්වය ලබා දෙන රාජත්වය, දියවඩන නිලමේ තුමා, සතරමහා දේවාල බස්නායක නිලමේවරු, නිලධාරීන්, ශිල්පීන්, අලි ඇතුන්, පෙරහර නරඹන්නන් ඇතුලු මොනයම් ආකාරයෙන් හෝ පෙරහරට දායකත්වය ලබා දුන් සියලු දෙනාගේ වස් දොස් දුරු කිරීම සඳහාත්, එළඹෙන වසරේ පෙරහරට ආශිර්වාද ප්රාර්ථනය ඇතිවත් වලියක් නැටුම පුරාණයේ පටන් අද දක්වාම පවත්වනු ලබයි.

Share With

More to Explore

Perahera Sandeshaya

“Perahera Sandeshaya” was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Read More »
Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසර මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 1.16ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා දහවල් 3.04ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කරමින් 1713 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ට, සිව්මහා දෙවිවරුන්ට අපරිමාණ සංස්කෘතික පූජෝපහාර පුදකර, කලට වැසි ලැබ, සියලු ලෝ වැසියන්ට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී.

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 2.39a.m, the Relic Casket was carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Sri Rakkanga temple in Gatambe at midnight to witness this event. දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2023.2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (30) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරනු ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 2.39ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. මේ අවස්ථාව දැකබලා ගැනීමට අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශවල මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා.

Read More »
Scroll to Top