News 2021

“Valiyak Festival” 2021

As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the “Valiyak Festival” also known as the dance of “Valiyak” , it is a “Shanthikarma” (a traditional ancient ritual) known as ” Hadda Valiyakuma”. Performed by a group of people who did not take part in the Procession, to bless all those who took part and to get rid of all evil. This ritual is done for seven days at a strech evening till dawn. Accordingly the ritual was performed in Sri Maha Vishnu Devalaya from the last day of the festival (23) till today (30). ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරමින් ගෞරවාදර අභිමානයට පත් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය නිමාවත් සමග මීළඟට හඬ ඇසෙන්නේ මහනුවර ශ්‍රි මහා විශ්ණු දේවාලයෙනි. ඒ “වලියක් මංගල්‍යය” හෙවත් වලියක් නැටුම, හද්දා වලි­ය­කුම නමින් පවත්වනු ලබන ශාන්ති කර්මයෙනී. පෙරහරට කිසිදු සහභාගිත්වයක් නැති ශිල්පීන් විසින් පෙරහරට සහභාගි වූ ශිල්පීන් ඇතුළු සියලුම දෙනාගේ වස් දොස් දුරු කරනු පිණිස සත් දිනක් පුරාවට අලුයම පහන් වන තුරු පවත්වනු ලබන මේ ශාන්තිකර්මය පෙරහර අවසාන දින සවස් යාමයේ සිට පුරා සත් දිනක් පැවැත්වේ. ඒ අනුව මෙවර 2021 ඇසළ පෙරහර අවසානය සනිටුහන් වූ පසුගිය 23 වෙනි දා සිට අද(30) දක්වා මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය තුල පවත්වන ලදී. වලියක් ශාන්ති කර්මය පැවත එන්නේ රජ දවස සන්නස් මගින් උරුමය ලද එක් පරම්පරාවක් මගිනි. මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව වලියක් මංගල්‍යය සඳහා හිමිකම උසුලයි. සිරිදරා, පුංචිකිරා, සිල්පා, වැනි පරම්පරා නියෝජනය කරමින් පැවති මෙම පරම්පරාවේ වර්තමානයේ නියෝජනය කරනුයේ අටවෙනි පරම්පරාවේ වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය. ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඉදිරියේ පෑ නර්තන හා වාදන දස්කම් විස්කම් දැක රජු විසින් “වාසිංහ” නාමය ලබා දී ඇති බවටත් සන්නසක් හා පඨා බෙරයක්ද සමග වලියක් මංගල්‍යයේ හිමිකම ද ලබා දී ඇති බවටත් වර්තමාන පරපුර අත සාක්ෂි තිබේ. පෙරහරට දායකත්වය ලබා දෙන රාජත්වය, දියවඩන නිලමේ තුමා, සතරමහා දේවාල බස්නායක නිලමේවරු, නිලධාරීන්, ශිල්පීන්, අලි ඇතුන්, පෙරහර නරඹන්නන් ඇතුලු මොනයම් ආකාරයෙන් හෝ පෙරහරට දායකත්වය ලබා දුන් සියලු දෙනාගේ වස් දොස් දුරු කිරීම සඳහාත්, එළඹෙන වසරේ පෙරහරට ආශිර්වාද ප්‍රාර්ථනය ඇතිවත් වලියක් නැටුම පුරාණයේ පටන් අද දක්වාම පවත්වනු ලබයි. View Facebook post

“Valiyak Festival” 2021 Read More »

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1711 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා එකළොස් දිනක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලයේ සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී.2021 සිරි දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව අතිගරු ජනාධිපති තුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුවහන් විය.   View Facebook post

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end Read More »

“Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple

Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy yesterday (22) on Nikini Full Moon Poya day, paying homage to the Sacred Tooth Relic & the four Diety. After finishing the Grand Randoli yesterday, at the auspicious hour of 11.23 the “Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple as per the ancient rituals and kept there. Later the four Devala processions went to Getambe.”Diya kepeema” or the ritual of water cutting took place in river Mahaweli at Getambe. 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(22) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා දක්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීදි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, ඉන් අනතුරුව රාත්‍රී 11.23ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය. View Facebook post

“Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple Read More »

Grand Randoli Procession 2021

Magnificence added by heavenly dance offerings passed down by generations, dazzling lights by copra torches, Ceremonial Tusker Nadungamuwe Vijaya Raja, the one who stole the heart of a nation, carried the Relic cascket accompanied by Indiraja & Kataragama Wasana on the Grand Randoli Procession of the 1711th Kandy Esala Perahera Festival showcasing the splendour of the pageant to the world. පන්දම් එළියෙන් හැඩකල, නෘත්‍ය පුජා දිදුලන, කන්ද උඩරට ඇසල පෙරහර මංගල්ලයේ 1711 වන මහා රන්දෝලි පෙරහරේ, ඉන්දිරාජා, කතරගම වාසනා ඇත් රජුන් දෑලේ පිරිවරා, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්වන්ත මඟුලැතු නැදුන්ගමුවේ විජය රාජා තේජවන්ත ලීලාවෙන් සෙංකඩගල පුර මහනුවර වීදිසරා අවසන් මහා රන්දෝලියේ සිරි අසිරිය ලොවටම පෙන් වූ වගයි View Facebook post

Grand Randoli Procession 2021 Read More »

Fourth Randoili Perahera

Caparisoned Royal tusker, Indi raja majestically steps on white cloth carpets with the golden threaded canopy over the Relic Cascket along with Kandula & Miyanraja walking on either side on the fourth Randoli Procession dazzling the city amidst the cultural Dalada offerings. රන්හූයෙන් හැඩකල උඩුවියන් දරමින් – ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඩුව වැඩමවන ඉන්දිරාජා මගුල් ඇතු පිරිවැරූ කණ්ඩුල සහ මියන් රාජා සමඟ තේජවන්ත රජ ගමනින් ද, බැති බර සංස්කෘතිකාංග ඉදිරියේ ද සිරි දළදා පූජෝපහාරයේ සිව්වෙනි රන්දෝලි පෙරහර දා සෙන්කඩගල පුරවරය බැබළ වීය.

Fourth Randoili Perahera Read More »

Third Randoli Perahera

Amidst the most revered cultural offering of the dancers, musicians & vercifiers on the third Randoli Procession, Wasana carried the “Perahera” cascket accompanied by Miyanraja. & Kandula කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, ගායන හා වාදන ශිල්පීන්ගේ භක්තිමත් සංස්කෘතික පූජෝපහාර මධ්‍යයේ වාසනා මඟුලැතු මතින් සධාතුක කරඬු වහන්සේ වැඩමවන විට මියන්රාජා හා කණඩුල දෑලේ ගමන් කරන ලදී.

Third Randoli Perahera Read More »

Second Randoli Perahera

Blessed “Indiraja” the royal tusker, guarded by “Miyanraja” & “Kandula” carried the Sacred Casket. With the sounds of “hewisi” ringing through the air, the breathtaking Kandyan dancing & skillfully played music as an offering to Buddha & the four diety on the second Randoli Procession. පින්වන්ත ඇත්රජු, ඉන්දිරාජා මගුල් ඇතු දෑලේ රැකවල්ලන මියන් රාජා සහ කණ්ඩුල පිරිවරා පෙරහර කරඩු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි හඬ පතුරවමින් සිරි දළදා සමිඳුන්ටත් සිව් මහා දෙවි වරුන්ටත් විචිත්‍රවත් උඩරට නර්තන, ගායන හා වාදන පූජෝපහාරයන් දෙවන රන්දෝලිය දා පුද කරන ලදී.

Second Randoli Perahera Read More »

First Randoli Perahera 2021

“Wasana” the ceremonial tusker carried the Sacred Perahera Cascket with “Miyanraja” & “Kandula” guarding on either side on this first Randoli Procession. Kandyan dancers, musicians, acrobats, fire breathers, jugglers and all artists put up yet another outstanding performance as an offering to Gauthama Buddha, showcasing our unique cultural heritage to the world. The Golden Planquins and the dazzling colours, offerings to the four protecting diety added more glamour to the entire procession. මියන් රාජා සහ කණ්ඩුල දෑලේ රැකවල් මැද සෙංකඩගලපුර ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩමකර වූ වාසනා මගුල් ඇතු පෙරටුව, උඩරට නර්තන, ගායන හා වාදනයන් හී නිපුන හෙළ කලාකරුවන් සිය ප්‍රතිභාව විදහා දැක් වූයේ අසිමත් සංස්කෘතික පූජෝපහාරයක සිරි විසිතුර ලොවට විදහාලමින් ය. සිව් මහා දෙවිවරුන්ට පුද කළ සංස්කෘතිකාංග පළසු රන්දෝලිය තවත් වර්ණවත් කරවූයේ ය. View Facebook post

First Randoli Perahera 2021 Read More »

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession. It was done today (18) morning as per the ancient custom by Uru Warige Wannile Aththo, the chief of the community. After the offering, the Most Ven. Thibbatuwawe Sri Siddhartha Medankara thero, in charge of the Dalada theva handed over a supply of masks to be used. සෑම වසරකම ඇසළ පෙරහර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව මී පැණි පූජා කිරීම පෞරාණික සිරිතකී. අද(18) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගයට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය ඉටුකරන ලදී. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය තිත්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ විසින් මී පැණි පූජාවෙන් පසු ආදිවාසි ජනතාවගේ පරිහරණය සඳහා මුඛ ආවරණ තොගයක් ද මෙහි දී පරිත්‍යාග කරන ලදී. View Facebook post

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community Read More »

Final KUMBAL PROCESSION 2021

Nadungamuwe Vijaya Raja was the blessed ceremonial tusker to carry the Sacred Cascket on the 5th & the last Kumbal procession. Indiraja & Wasana was on either side showering their respect to the Sacred Relic. Lights, sounds & dancing was a glorious offering to Buddha. පස්වන සහ අවසන් කුඹල් පෙරහර දා විචිත්‍ර උඩරට නර්ථන, ගායන හා වාදන පුජෝපහාරයන් මධ්‍යයේ පෙරහර කරඩු වහන්සේ වැඩම කරවීමේ භාග්‍ය ලැබුවේ නැඳුන්ගමුවේ විජ‍ය රාජා මඟුලැතුටයි. ඉන්දිරාජා, වාසනා දෑලේ ගමන් කරනු ලැබුවේ දළදා සමිඳුන්ට සියළු හරසර දක්වමින් ය. View Facebook post

Final KUMBAL PROCESSION 2021 Read More »

Scroll to Top