News 2021

Fourth Kumbal Procession 2021

It was a spectacular offering of lights, sounds & dancing to the Sacred Tooth Relic and the four diety while “Wasana” was the fortunate one to carry the beautifully adorned Relic Cascket on the fourth Kumbal Procession. දළදා පුරවරය අසිරිමත් කළ ඇසළ පෙරහර මහා මංගල්ලයේ සිව්වන කුඹල් පෙරහර දා පින් පිරූ වාසනා මඟුල් ඇතු පෙරහර කරඩු වහන්සේ වැඩමවවන විට, නැටුම්, ගැයුම් හා නර්තනයෙන් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවි වරුන්ටත් උපහාර පුදන ලදී. View Facebook post

Fourth Kumbal Procession 2021 Read More »

Third Kumbal Procession 2021

While “Singharaja” the Royal tusker dazzled the streets of Kandy on the 3rd Kumbal Procession of the Kandy Esala Perahera Festival, the Kandyan dancers, drummers & other artists show cased the uniquely Sri Lankan culture මගුල් ලකුණෙන් සුසැදි සිංහ රාජා මඟුල් ඇතු තෙවන කුඹල් පෙරහර දා පෙරහර වීදි මග සරමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන විට උඩරට නර්ථන හා වාදනයන්හි නිපුන හෙළ කලා ශිල්පීන්, ශිල්පිනියන් දේශයේ අනන්‍යතාව ප්‍රකට කරන ලදී. View Facebook post

Third Kumbal Procession 2021 Read More »

Second Kumbal Procession 2021

“Indiraja” the ceremonial tusker, carrying the “Perahera Cascket” setting the streets of the citadel of Kandy aglow on the second day of Kumbal. පෙරහර වීදි මග අසිරි සිරියෙන් බබළවමින් දෙවන කුඹල් පෙරහර දා ඉන්දි රාජා මඟුලැතු පෙරහර කර‌‌ඬු වහන්සේ වැඩමවමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් විය. View Facebook post

Second Kumbal Procession 2021 Read More »

first Kumbal Procession 2021

Announcing that the first Kumbal Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy after stepping on the moonstone at the auspicious time, invoking blessings to all beings and paying homage to the Sacred Tooth Relic with the dazzling lights & sounds. දළදා සමිඳුන්ට සියළු පුද සත්කාර බැතිබර හරසරින් දක්වා, සියළු ලෝ වැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් සඳ ගලට පා තබා මහනුවර වීදි සංචාරය කළ වගයි. View Facebook post

first Kumbal Procession 2021 Read More »

organizations contributed their sponsorships, to make the Kandy Esala Perahera Festival a successful event

Many government & private organizations contributed their sponsorships today (12) at a meeting held at Sri Dalada Maligawa, to make the Kandy Esala Perahera Festival a successful event.Dialog PLC, National Lotteries Board, Development Lottery Board, Nestle Lanka PLC, Department of Public Trustee, Singer Sri Lanka PLC, People’s Insurance PLC, People’s Leasing & Finance PLC, Maliban Biscuit Manufactories (Pvt) Ltd, People’s Bank, Bank Of Ceylon, Sri Lanka Insurance Corporation, Lanka Sathosa, Sri Lanka Tourism Development Authority and Lanka Mineral Sands Ltd are the organizations who contributed for the meritorious sponsorships this year. 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(12) ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය.ඩයලොග් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා සමාගම, මහා භාරකාර දෙපාර්තමේන්තුව, සිංගර් ශ්‍රී ලංකා සමාගම, පීපල්ස් රක්ෂණ සමාගම, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සතොස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ඛනිජ වැලි සංස්ථාව මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී. View Facebook post

organizations contributed their sponsorships, to make the Kandy Esala Perahera Festival a successful event Read More »

Koppara Pujawa

“Koppara” (dried up split coconuts) to light up the procession was donated by Sri Lanka Army. The Army Commander General Shavendra Silva handed over a tray of “Koppara” today (09) to mark this. Accordingly the army will donate about 10 tons of “Koppara” to light up the entire procession.For the past few years continuously, Sri- Lanka Army donated the required amount of “Koppara” for the procession. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද(09) උදෑසන මෙය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරත්, සිව්මහා දේවාල පෙරහරත් කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය සම්පූර්ණ කොප්පරා, ටොන් දහයක් පමණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව ලබාදෙනු ලැබේ. වසර කිහිපයක සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බැතිබර දායකත්වයෙනී. View Facebook post

Koppara Pujawa Read More »

The Planting of “Kapa” at the four devalaya

The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2021 was planted today (09) at the four devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside procession will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini devalaya premises. සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි.. — ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(09) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2021 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති. View More Images

The Planting of “Kapa” at the four devalaya Read More »

Distribution of the “Kapa” among the four devalaya..

The ” Kap” chanting ceremony for the “Kap planting was held today (08) early morning at the Dedimunda Devalaya in Aluthnuwara, marking the beginning of Kandy Esala Perahera Festival 2021. The cutting of a selected Jak tree which has not borne fruits yet by using a silver axe is the ceremony of chanting “Kap” which was done by Vishnu Devalaya of Kandy together with the Dedimunda Devalaya of Aluthnuwara. This selected tree is known as “Panasa tree”. The silver axe was handed over to the “Wannaku Rala” a title given to the person who will do the task and was granted permission to cut the “Panasa tree”. He then cut the tree facing South at 4.10 am the auspicious time for that ritual amidst the chanting of “pirith” by maha sangha. The “Kapa” which was covered in a white clean cloth was then taken to the Dedimunda Devalaya of Aluthnuwara and then to Vishnu Devalaya of Kandy on the Royal tusker in a magnificent procession under a canopy. Later the “Kapa” was distributed among the four devalaya. අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවා බෙදාදෙයි.හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සදහා කප කැපීම අද (08) අලුයම අලුත්නුවර පුරවරයේ දී සිදු විය. මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය. එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ පනස වෘක්ෂය වශයෙනි. වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දීමෙන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යයේ අලුයම හතර පසුවී මිනිත්තු දහයට යෙදුණ සුබ මොහොතින් දකුණු දිශාව බලා පනස වෘක්ෂය කැපීම සිදුවිය. අනතුරුව සකස් කරන ලද එම කපය ධවල රෙදි කඩින් ඔතා උඩු වියන් සහිත පෙරහරින් අළුත්නුවර දේවාලයත් අනතුරුව මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයත් කරා ඇතු පිටින් වැඩම කිරිම සිදු විය. අනතුරුව සතර දේවාල වෙත චාරිත්‍රානුකූලව කප බෙදාදෙන ලදී. View More Images

Distribution of the “Kapa” among the four devalaya.. Read More »

Kap Chanting ceremony was held today

Kap Chanting (Kap kepeema) ceremony was held today early morning in Sathara Koralaya marking the start of Kandy Esala Perahera Festival… The Kap Chanting (“Kap Kepeema” ) ceremony was held today, the 08th day of the month of Nikini in year 2021 at 04.10 am the auspicious time in Aluthnuwara. This ceremony was organized by the Maha Vishnu Devalaya as per the ancient tradition which was followed for the past 3 centuries continuesely. The “Kapa” which was brought to the Dedimunda devalaya in Aluthnuwara on the Royal tusker with the sounds of drumming and other accompanying instruments was later brought to Sri Maha Vishnu Devalaya in a magnificent procession. The “Kapa” will be distributed among the four devalaya today in evening at 03.10 pm the auspicious time for this. Tomorrow (09) the four devala will commence the procession inside the devala premises. ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින් “කප කැපීම” රාජ්‍ය වර්ෂ 2021ක් වූ නිකිණි මස 08 වෙනි අද අලුයම 4.10ට යෙදුණු සුබ මොහොතින් අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය. සියවස් 3ක පමණ සිට මෙම පෞරාණික චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන එන කප පුද පූජා පවත්වා දර්ශනීය පෙරහැරකින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත අනතුරුව වැඩමකරවන අතර, එය අද සවස 3.10ට යෙදෙන සුබ මොහොතින් කප සිව්මහා දේවාල වෙත බෙද‍ා දීමට නියමිතයි. අනතුරුව හෙට(09) දින කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.     View More Images

Kap Chanting ceremony was held today Read More »

The costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today

The colorful and glamourous costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today (04) in the morning at Sri Dalada Maligawa.   Mrs Wasana Perera donated the set of costumes for the 3rd time for the first Kumbal procession which will start on the 13th of August. Costumes were donated by Mrs. Anoja Dharmapriya for the 8th time under the guidance of Ven. Yatiyantota Chandakitti Thero for the 2nd Kumbal procession, by Mr. Lahiru Asanga Srinayake a set of Batik costumes for the 3rd Kumbal procession, by Mrs. Saumya Herath for the 4th Kumbal procession and by Mrs Nisansala Perera of Kandy for the 2nd time for the 5th Kumbal procession. The costumes for the tusker group were donated for the 3rd time by Mrs Disna Wanigasekera for the first Randoli procession, by Mrs Rukmani Perera for the 8th time under the guidance of Ven. Yatiyantota Chandakitti thero for the 2nd Randoli procession, by Mr R. N. Rajapakse for the 7th time for the 3rd Randoli procession, by Mrs Sagarika Thirimanne of Panadura for the 10th consecutive time for the 4th Randoli procession, by Mrs Chathurika Wijetunge for the first tusker of the 4th Randoli procession and by Mr Thusitha Wijesena the chairman of Kandy City Centre(KCC) for the 27th consecutive time for the Grand Randoli procession, by Mrs Nimathri Randeniya the costume was donated for the first tusker of the Grand Randoli procession and the costume for the Day procession was donated by Mrs Sasanka Alwis.   2021 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය අද(04) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. අගෝස්තු 13 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය තුන්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් අටවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අනෝජා ධර්මප්‍රිය මහත්මිය ඇත් ඇඳුම් පූජා කරන ලදී. තෙවන කුඹල් පෙරහර සඳහා ලහිරු අසංග ශ්‍රී නායක මහතා විසින් බතික් වලින් නිර්මාණය කළ ඇත් ඇඳුම් කට්ටලයක් පූජා කළ අතර, සිව්වන කුඹල් පෙරහර සඳහා සෞම්‍යා හේරත් මැතිණියත්, පස්වෙනි කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දෙවෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර නිසංසලා පෙරේරා මහත්මියයි. පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් තුන්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා අටවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් රුක්මනී පෙරේරා මත්මියත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් හත්වෙනි වරටත් ආර්.එන්. රාජපක්ෂ මහතා ද ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අඛණ්ඩව දසවෙනි වරටත් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, චතුරිකා විජේතුංග මහත්මිය විසින් සිව්වන රන්දෝලි පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවා. අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 27 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී. අවසන් මහා පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවේ නිමාත්‍රි දන්දෙණිය මැතිණිය විසිනී. සසන්කා අල්විස් මැතිණිය දහවල් පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා.

The costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today Read More »

Scroll to Top