Latest News

"Perahera Sandeshaya" was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival.

2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශයක් පිළිගන්වා දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් විය.

Perahera Sandeshaya

2023 Archives

The 3rd Kumbal Procession of the Kandy Esala Perahera (7)

The 3rd Kumbal Procession of the Kandy Esala Perahera 2023

Leading royal tusker of Sri Dalada Maligawa Stables, Indiraja carrying the Relic Casket with Kandula & Miyanraja in tusker group adding glamour to the 3rd Kumbal procession. ඇත් පන්තියට නායක ඉන්දිරාජා මඟුල් ඇතු කණ්ඩුල සහ මියන්රාජා ඇතුන් දෑලේ පිරිවර කොට සධාතුක පෙරහර කරඬු වහන්සේ දරමින් තෙවන කුඹල් පෙරහර විචිත්‍රවත් කළ අයුරු.

Read More »
The 2nd Kumbal Procession

The 2nd Kumbal Procession of the Kandy Esala Perahera 2023

Enchanting seights of the colourful second Kumbal procession, lightning up the streets of Kandy with Kopra torches and Sinharaja the royal tusker carrying the Relic Casket. කන්ද රටමහනුවර වීථි කොප්පරා පන්දම් පහන් එළියෙන් දිදුළවමින්, මඟුල් කුල ඇත් රජු සිංහරාජා පෙරහර කරඬු වහන්සේ වැඩවමින් දෙවන කුඹල් පෙරහැර විචිත්‍රවත් කළ පින්වන්ත දසුන් පෙළ. 

Read More »
The 1st Kumbal Procession of the Kandy Esala Perahera (3)

The 1st Kumbal Procession of the Kandy Esala Perahera 2023

The 1st Kumbal Procession of the Kandy Esala Perahera Festival of 2567th year of the Buddhist Calendar stepped on the ancient moonstone at the auspicious hour, preserving the past royal norms and noble traditions, invoking blessings on all beings and dazzling the streets of Kandy. අතීත රාජ සම්මතයන් ද උත්තම දළදා සම්ප්‍රදායන් ද රැකගනිමින් සියල් සත්වගට ආශිර්වාද ප්‍රාර්ථනා පෙරදැරිව ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2567 වන සෙංකඩගල නුවර ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර, සුබ නැකත් හෝරාවෙන් ඓතිහාසික සදගලට ප්‍රවිෂ්ඨව, පින්සාර සෙංකඩගල නුවර සප්ත විථීන් සැරසූ වගයි.

Read More »
The Planting of Kapa at the four Devalaya Premises (2)

The Planting of “Kapa” at the four Devalaya Premises 2023

The Planting of “Kapa” at the four Devalaya premises today. The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2022 was planted today (Aug. 17) at the four Devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside processions will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini Devalaya premises. සිව් මහා දේවාල වෙත ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (අගෝස්තු 17) අළුයම යෙදුන සුබ මෙ‍ෙහාතින් සිටුවන ලදී. 2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

Read More »
The Kap Chanting Ceremony 2023 (2)

The Kap Chanting (Kapa Kapeema) Ceremony 2023

The Kap Chanting (Kapa Kapeema) ceremony, the first ritual of the Kandy Esala Perahera Festival 2023 was performed today in Sathara Koralaya. The ancient ritual of Kap Chanting of the Kandy Esala Perahera Festival of the hill capital was performed today the 16th day of the month of August in the year 2023 at the auspicious time of 5.10 am at Aluthnuwara in Sabaragamuwa Province. The ritual was performed under the leadership of Sri Maha Vishnu Dewalaya of Kandy. The Kapa which was brought to Dadimunda Dewalaya of Aluthnuwara on the royal tusker was later brought to Sri Maha Vishnu Dewalaya in a magnificent procession with drumming and accompanying instruments, after performing the ancient rituals & offerings. The Kapa will be distributed among the four Dewala at the auspicious time of 4.10pm. Inside processions in the Dewala premises will start tomorrow (17th August) after planting the Kapa at the auspicious time of 6.12 am. This traditional ritual which dates back 3 centuries, continues even today without any change. “Kapa” is a post or a pillar “Kap Situweema” or Kap Chanting is to show their devotion by planting a post. The auspicious times are given by the Temple of The Sacred Tooth Relic but the rituals are followed by the Natha, Vishnu, Kataragama & Paththini, the four Dewala. 2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් පළමු චාරිත්‍රය ලෙස සතර කෝරළයේ දී කප් කැපේ. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, ඉපැරණි වත් පිළිවෙත් වලට අනුව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2023ක් වූ නිකිණි මස 16 වෙනි දින හෙවත් අද අලුයම 5.10 ට යෙදුණ සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහා දේවාලය හෙවත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය. අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙන එන ලදී. එය අද පස්වරු 04.10 ට සිව්මහා දේවාල වෙත කප බෙද‍ාදෙනු ලබන අතර, හෙට (අගෝ. 17) දින පෙරවරු 06.12 යෙදෙන සුබ මොහොතින් එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි. සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනු කණුවය. කණුවක් සිටුවා කැපවෙමි යන අර්ථයෙන් “කප් සිටුවීම” නමැති චාරිත්‍රය එදා සිට අද දක්වා නොනැසී පවතී. මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන නමුත්, දළදා මැදුරේ කප් සිටුවීමක් සිදු නොවේ. එය සිදු කරනු ලබන්නේ මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසිනී.

Read More »
The Donation Of Colorful Elephant & Tusker Costumes For KEP 2023 (1)

The Donation Of Colorful Elephant & Tusker Costumes For KEP 2023

The donation of vibrant & colorful elephant & tusker costumes for Kandy Esala Perahera Festival 2023 took place today (Aug 11) morning at the Temple of The Sacred Tooth Relic.Mrs. Wasana Perera donated the set of costumes for the 5th consecutive time for the tusker group to be used on the 01st Kumbal procession scheduled to start on the 21st of August 2023. Mrs. Mangala Bannekotuwa donated the costume for the 02nd Kumbal procession under the guidance of Ven. Yatiyantota Chandakitti thero. Dr. Ashoka Dangolla, Professor of the Faculty of Veterinary Medicine of Peradeniya University, donated the set of costumes for the 3rd Kumbal procession for the first time. Mrs. Saumya Herath donated the set of elephant costumes designed in local batik art for the fourth time to be used on the 4th Kumbal procession. Mrs. Chathurika Wijetunga and Mrs. Rupika Costa donated elephant costumes for the second time for the 5th and the last Kumbal procession.For the 01st Randoli procession, Mrs. Disna Vanigasekara donated the tusker group costumes for the fifth time and Mrs. Vasantha Rukmani Perera donated the set of costumes for the 02nd Randoli procession for the tenth time under the guidance of Venerable Yatianthota Chandakitti Thero. For the 3rd Randoli procession, the costumes were donated under the sponsorship of Ceylon Artifacts and Handicraft (Pvt) Ltd, for the second time under the initiative of Mr. Jayasankha Muthuranwela. Whilst Mr. R. D. Samarasinghe Appuhami donated the costumes for the 4th Randoli procession, Mr. Thusitha Wijesena, President and CEO of Kandy City Center (KCC), donated costumes for the Royal Tusker and the tusker group of the Grand Randoli procession, for the 29th consecutive time.Elephant costumes for the Day procession were donated by Mrs. Sasanka Alwis Edirisuriya for the third time. K. C. Thadani, Gimhan Rashintha, Sunil Rabel, Lahiru Asanga Srinayake, R.N. Rajapakse, S. Guruge and Vasana Perera were the designers who have contributed to the designing of these elegant elephant costumes donated for the Kandy Esala Perahera Festival of 2023. 2023 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් ඇතුළු ගජ පිරිවර උදෙස‍ා අලංකාර හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම අද (අගෝ. 11) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.අගෝස්තු 21 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය පස්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මංගලා බන්නැකොටුව මහත්මිය විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. තුන්වෙනි කුඹල් පෙරහර සඳහා ප්‍රථමවරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මැතිතුමා විසින් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී. සිව්වන කුඹල් පෙරහර සඳහා තුන්වෙනි වරටත් දේශීය බතික් මෝස්තර කල‍ාවෙන් හැඩ කළ ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරනු ලැබුවේ සෞම්‍යා හේරත් මහත්මිය විසින්ය. අවසන් කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දෙවෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ චතුරිකා විජේතුංග මහත්මිය හා රූපිකා කොස්තා මහත්මිය විසිනි. පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් පස්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා දසවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් වසන්තා රුක්මනී පෙරේරා මත්මියත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් දෙවෙනි වරටත් ජයසංඛ මුතුරන්වෙල මහතාගේ මූලිකත්වය ඇතිව සිලෝන් ආර්ටෙෆැක්ට්ස් සහ හැන්ඩික‍්‍රාෆ්ට් පුද්ගලික ආයතනයේ අනුග‍්‍රාහකත්වයෙන් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී. සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් ‍ආර්.ඞී. සමරසිංහ මහතා විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, අවසන් මහ රන්දෝලි පෙරහර වෙනුවෙන් 29 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) සභාපති, ප්‍රධාන විධායක නිලධාරී තුසිත විජේසේන මැතිතුමා විසින් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී. දහවල් පෙරහරේ මංගල හස්ථියා වෙනුවෙන් තුන්වෙනි වරටත් සසන්කා අල්විස් මහත්මිය විසින් ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී.මීට අමතරව කළණ විදුරංග, සලුසල ආයතන ප්‍රධානී ඩෙන්සිල් පෙරේරා, තියන්ග්‍රා ගාමන්ට්ස් කළමණාකරන අධ්‍යක්ෂිකා මල්ලිකා පීරිස්, නිලංගා දුණුවිල, ලෝචනා රොද්‍රිගෝ, චරිත් ඇල්විටිගල, ශෙහානි නානායක්කාර, ජී.ඒ. සමීර ලක්ෂාන්, පවිත්‍රා නයෝමි, SL EleFriends Foundation, සචිනි විලියම්, ගිම්හාන් රශින්ත, චතුරිකා විජේතුංග, නිමාත්‍රි දන්දෙනිය, අරුණි උත්පලා දිසානායක, කේ.එම්. උපාලි ලලිත් රූපසිංහ, මැදගොඩ පත්තිනි දේවලයේ භාරකාර අජිත් බණ්ඩාර, ඊ.එස්.සී. සනධ්‍යා කුමාරි, බානු ගමගේ, පී.එම්. හර්ෂා රෝෂිකා ආරියරත්න, ටී. ගීෂාන් නිලංග ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් පෙරමුණේ ඇතා, දෙවන ඇතා සහ අනෙකුත් අලි ඇතුන්ගේ ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. 2023 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා පරිත්‍යාග කළ අලංකාරවත් අලි ඇ‍ඳුම් කේ. සී. තදානි, ගිම්හාන් රශින්ත, සුනිල් රබෙල්, ලහිරු අසංග ශ‍්‍රීනායක, ආර්.එන්. රාජපක්ෂ, එස්. ගුරුගේ, වාසනා පෙරේරා, සසන්කා අල්විස්, කළණ විදුරංග, නිලේෂ් දන්දෙනිය, කැළුම් සංජීව, අරුණි උත්පලා දිසානායක, පී.එම්. හර්ෂා රෝෂිකා ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ අපේ බතික්, රූ බතික් යන ආයතන වල නිර්මාණ දායකත්වයෙන් සිදුකර තිබේ.

Read More »

2022 Archives

Fourth-Kumbal-Procession--Kandy-Esala-Perahera-2022

Fourth Kumbal Procession- Kandy Esala Perahera 2022

The picturesque sights of Indiraja carrying the Relic Casket radiating blessings upon the universe, with Burumaraja&Miyanraja on either side, after receiving the blessings of the four great gods of the four shrines. සිව්මහා දෙවිවරුන්ගෙන් පෙරහර මඟට ආශිර්වාද ලබා මියන් රාජා හා බුරුම රාජා ඇත්දෙපළ සමඟඉන්දිරාජා මඟුල් ඇතු සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් සකල ලෝක වාසීන්ට සෙත් පැතූ පින් පිරූ දසුන් පෙළහර.

Read More »
Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on this 3rd Kumbal Procession.

Third Kumbal Procession- Kandy Esala Perahera 2022

The mastery of the Kandyan dance masters & their wonderous performance was showcased to the world, appeasing the eyes of the onlookers. Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on either side in the tusker group on this 3rd Kumbal Procession. සප්ත මංගල ලකුණු පිරිපුන් ඉන්දිරාජා මඟුල් ඇතු, බුරුම රාජා සහ මියන් රා‍ජා ඇත් දෙපල මධ්‍යයෙහි සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවත්, උඩරට සම්ප්‍රදායේ විශිෂ්ඨයින් සිය පෙළහර පාමින් තෙවන කුඹල් පෙරහරින් අපේ කම ලෝකයක නෙත් සැනසීය.

Read More »
Second-Kumbal-Procession--Kandy-Esala-Perahera-2022-01

Second Kumbal Procession- Kandy Esala Perahera 2022

Announcing that the first Kumbal procession decorated the streets of Kandy today, after stepping on the ancient moonstone. Preserving age-old traditions, devotedly showering blessings upon all beings. වසර දහස් ගණනක පුරාණ සම්ප්‍රදායන් රැකගත් බැතියෙන් සියලු ලෝක සත්වයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් ඓතිහාසික සඳ ගලට පාතබා පින්බර සෙන්කඩගල නුවර සප්ත වීථින් සැරසූ වගයි.

Read More »
First Kumbal Procession- Kandy Esala Perahera 2022

First Kumbal Procession- Kandy Esala Perahera 2022

Announcing that the first Kumbal procession decorated the streets of Kandy today, after stepping on the ancient moonstone. Preserving age old traditions, devotedly showering blessings upon all beings. වසර දහස් ගණනක පුරාණ සම්ප්‍රධායන් රැකගත් බැතියෙන් සියලු ලෝක සත්වයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙංකඩගල නුවර ඇසල පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර  සුබ නැකතින් ඓතිහාසික සඳ ගලට පාතබා පින්බර සෙන්කඩගල නුවර සප්තවීථින්සැරසූවගයි.

Read More »
Sponcer-2022

Government Institutions And Private Companies Contributed For Kandy Esala Perahera Festival 2022

Many Government Institutions And Private Companies Contributed For the success of the Kandy Esala Perahera Festival 2022 at a meeting held at the Temple of the Sacred Tooth Relic today (29th July) Bank of Ceylon, People’s Bank, Dialog Axiata PLC, Unilever Sri Lanka, Nestle Lanka PLC, Singer Sri Lanka PLC, People’s Insurance PLC, Department of Public Trustee, People’s Leasing & Finance PLC, Maliban Biscuits Manufactories (Pvt) Ltd, National Lotteries Board, Sri Lanka Insurance & Elephant House of Ceylon Cold Stores offered their devotional contribution for the Kandy EsalaPerahera Festival 2022. 2022 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය ලබාදෙනු ලැබුවා. ඒ ශ්රීා දළදා මාලිගාවේ අද(ජූලි 29) දිනපැවති හමුවේ දී ය. ලංකා බැංකුව, මහජන බැංකුව, ඩයලොග් ආසියාටා සමාගම, යුනිලීවර් ශ්රීා ලංකා සමාගම, නෙස්ලේ ලංකා සමාගම, සිංගර් ශ්රීල ලංකා සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම,මහා භාරකාර දෙපාර්තමේන්තුව, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්රීෙ ලංකා රක්ෂණ සංස්ථාව සහඅලියා සිසිල් බීම සමාගම මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී.

Read More »
Ath-andum-poojwa-2022

The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers – Kandy Esala Perahera Festival 2022

The Donation Of Colourful& Glamourous Costumes For The Elephants And Tuskers, who will be adorning the Kandy Esala Perahera Festival 2022 were donated today (29th July)morning at the Temple of the Sacred Tooth Relic. Mrs. WasanaPerera donated the set of costumes for the 4thconsecutive time to be used for the first Kumbal procession on the 2nd August marking the commencement of the Kandy EsalaPerahera Festival 2022. Mrs. ChathurikaWijetunga& Mrs. Rupika Costa donated the costumes for the 2ndKumbal procession for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero. For the 3rdKumbal procession a costume made out of Batik by Mr. LahiruAsangaSrinayake& Mr. Sunil Rabel was donated with the sponsorship of Member of Parliament Hon.DumindaDissanayake, Mrs. JayaniThiseraDissanayake, Mrs. ChandimaJayasuriya& Mr. SankaMuthuranwela. For the 4thKumbal procession by Mrs. SaumyaHerath and for the royal tusker group of  5thKumbal procession by Mrs. NisansalaPerera of Kandy for the 3rd consecutive time. For the royal tusker group of 1stRandoli procession by Mrs. DisnaWanigasekera for the 4th consecutive time, For the 2ndRandoli procession by Mrs. WasanthaRukmaniPerera for the 9th consecutive time under the guidance of Rev. YatiyantotaChandakittiThero, for the 3rdRandoli procession costumes were donated  by Mr. R. N. Rajapakse for the 8th consecutive time. Mrs. SagarikaThirimanna of Panadura donated the costumes for the 4thRandoli procession for the 11th consecutive time. Mr. ThusithaWijesena the chairman of Kandy City Centre (KCC) donated the costumes for the royal tusker group of the Grand Randoli procession for the 28th consecutive time. The costume for the Front Runner’s(PeramuneRaala) tusker was donated by  Mrs. NimathriRandeniya. Mrs. SasankaAlwis donated the costumes for the Day procession. Other than the above the below mentioned ladies & gentlemen also donated beautiful costumes for the tuskers taking part in the Kandy EsalaPerahera Festival 2022, NethranjaliRanaweera, GimhanRashintha, ShehaniNanayakkara, SameeraLakshan, ChandaniNawaratne, ChathurikaWijetunga, AruniUthpalaDissanayake, SamarasingheAppuhami, NalinTharinduShalinda&BanuGamage. 2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය අද (ජූලි 29) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. අගෝස්තු 02 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වාසනා පෙරේරා මහත්මිය සිව්වෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් චතුරිකා විජේතුංග මහත්මිය සහ රූපකා කොස්තා මහත්මිය විසින් ඇත් ඇඳුම් පූජා කරන ලදී. තෙවන කුඹල් පෙරහර සඳහා ලහිරු අසංග ශ්‍රී නායක මහතා සහ සුනිල් රබෙල් මහතා විසින් බතික් වලින් නිර්මාණය කළ ඇත් ඇඳුම් කට්ටලයක් පූජා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මැතිතුමා, ජයනි තිසේරා දිසානායක මැතිතුමිය, චන්දිමා ජයසූරිය මැතිතුමිය සහ ජයසංඛ මුතුරන්වෙල මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. සිව්වන කුඹල් පෙරහර සඳහා සෞම්‍යා හේරත් මැතිණියත්, පස්වෙනි කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා තුන්වෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර නිසංසලා පෙරේරා මහත්මියයි. පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිව්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා නමවෙනි වරටත් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් වසන්තා රුක්මනී පෙරේරා මත්මියත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අටවෙනි වරටත් ආර්.එන්. රාජපක්ෂ මහතා ද ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. සිව්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් අඛණ්ඩව එකොළොස් වරටත් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 28 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පූජා කරන ලදී. අවසන් මහා රන්දෝලි පෙරහරේ පෙරමුණේ ඇතු සඳහා ඇත් ඇඳුම් පිරිණමනු ලැබුවේ නිමාත්‍රි දන්දෙණිය මැතිණිය විසිනී. සසන්කා අල්විස් මැතිණිය දහවල් පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවා. මීට අමතරව,නේත‍්‍රාන්ජලී රණවීර, ගිම්හාන් රශින්ත, ශෙහානි නානායක්කාර, සමීර ලක්ෂාන්, චාන්දනී නවරත්න, චතුරිකා විජේතුංග, අරුණි උත්පලා දිසානායක, සමරසිංහ අප්පුහාමි, නලින් තරුඳු ශාලින්ද, බානු ගමගේ යන මහත්ම මහත්මීන් විසින්ද 2022 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන හස්ථිරාජයින් සඳහා වන අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාගය කරන ලදී.

Read More »

2021 Archives

Second Kumbal Procession 2021

“Indiraja” the ceremonial tusker, carrying the “Perahera Cascket” setting the streets of the citadel of Kandy aglow on the second day of Kumbal. පෙරහර වීදි මග අසිරි සිරියෙන් බබළවමින් දෙවන කුඹල් පෙරහර දා ඉන්දි රාජා මඟුලැතු පෙරහර කර‌‌ඬු වහන්සේ වැඩමවමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් විය. View Facebook post

Read More »

first Kumbal Procession 2021

Announcing that the first Kumbal Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy after stepping on the moonstone at the auspicious time, invoking blessings to all beings and paying homage to the Sacred Tooth Relic with the dazzling lights & sounds. දළදා සමිඳුන්ට සියළු පුද සත්කාර බැතිබර හරසරින් දක්වා, සියළු ලෝ වැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් සඳ ගලට පා තබා මහනුවර වීදි සංචාරය කළ වගයි. View Facebook post

Read More »

organizations contributed their sponsorships, to make the Kandy Esala Perahera Festival a successful event

Many government & private organizations contributed their sponsorships today (12) at a meeting held at Sri Dalada Maligawa, to make the Kandy Esala Perahera Festival a successful event.Dialog PLC, National Lotteries Board, Development Lottery Board, Nestle Lanka PLC, Department of Public Trustee, Singer Sri Lanka PLC, People’s Insurance PLC, People’s Leasing & Finance PLC, Maliban Biscuit Manufactories (Pvt) Ltd, People’s Bank, Bank Of Ceylon, Sri Lanka Insurance Corporation, Lanka Sathosa, Sri Lanka Tourism Development Authority and Lanka Mineral Sands Ltd are the organizations who contributed for the meritorious sponsorships this year. 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(12) ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය.ඩයලොග් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා සමාගම, මහා භාරකාර දෙපාර්තමේන්තුව, සිංගර් ශ්‍රී ලංකා සමාගම, පීපල්ස් රක්ෂණ සමාගම, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සතොස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ඛනිජ වැලි සංස්ථාව මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී. View Facebook post

Read More »

Koppara Pujawa

“Koppara” (dried up split coconuts) to light up the procession was donated by Sri Lanka Army. The Army Commander General Shavendra Silva handed over a tray of “Koppara” today (09) to mark this. Accordingly the army will donate about 10 tons of “Koppara” to light up the entire procession.For the past few years continuously, Sri- Lanka Army donated the required amount of “Koppara” for the procession. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද(09) උදෑසන මෙය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරත්, සිව්මහා දේවාල පෙරහරත් කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය සම්පූර්ණ කොප්පරා, ටොන් දහයක් පමණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව ලබාදෙනු ලැබේ. වසර කිහිපයක සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බැතිබර දායකත්වයෙනී. View Facebook post

Read More »

The Planting of “Kapa” at the four devalaya

The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2021 was planted today (09) at the four devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside procession will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini devalaya premises. සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි.. — ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(09) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2021 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති. View More Images

Read More »

Distribution of the “Kapa” among the four devalaya..

The ” Kap” chanting ceremony for the “Kap planting was held today (08) early morning at the Dedimunda Devalaya in Aluthnuwara, marking the beginning of Kandy Esala Perahera Festival 2021. The cutting of a selected Jak tree which has not borne fruits yet by using a silver axe is the ceremony of chanting “Kap” which was done by Vishnu Devalaya of Kandy together with the Dedimunda Devalaya of Aluthnuwara. This selected tree is known as “Panasa tree”. The silver axe was handed over to the “Wannaku Rala” a title given to the person who will do the task and was granted permission to cut the “Panasa tree”. He then cut the tree facing South at 4.10 am the auspicious time for that ritual amidst the chanting of “pirith” by maha sangha. The “Kapa” which was covered in a white clean cloth was then taken to the Dedimunda Devalaya of Aluthnuwara and then to Vishnu Devalaya of Kandy on the Royal tusker in a magnificent procession under a canopy. Later the “Kapa” was distributed among the four devalaya. අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවා බෙදාදෙයි.හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සදහා කප කැපීම අද (08) අලුයම අලුත්නුවර පුරවරයේ දී සිදු විය. මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය. එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ පනස වෘක්ෂය වශයෙනි. වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දීමෙන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යයේ අලුයම හතර පසුවී මිනිත්තු දහයට යෙදුණ සුබ මොහොතින් දකුණු දිශාව බලා පනස වෘක්ෂය කැපීම සිදුවිය. අනතුරුව සකස් කරන ලද එම කපය ධවල රෙදි කඩින් ඔතා උඩු වියන් සහිත පෙරහරින් අළුත්නුවර දේවාලයත් අනතුරුව මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයත් කරා ඇතු පිටින් වැඩම කිරිම සිදු විය. අනතුරුව සතර දේවාල වෙත චාරිත්‍රානුකූලව කප බෙදාදෙන ලදී. View More Images

Read More »
Scroll to Top